Empty Ad
AFC Banner
AFC Banner

‘විශ්ව බුද්ධ’ යළිත් රක්ෂිත බන්ධනාගාරයට (වීඩියෝ)

රත්නපුරේ විමල බුද්ධි හෙවත් ‘විශ්ව බුද්ධ’ නමින් පෙනී සිටි චීවරධාරියා ලබන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ, මෙම චීවරධාරියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (21) දිනයේ අත්අඩංගුවට ගෙන ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මොහුව අද (21) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් කළගෙඩිහේන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනුණා.

ඒ, අධිකරණයේ විසින් ලබාදුන් අවවාද නොතකා සුපුරුදු ලෙස හැසිරෙන බවට තොරතුරු හෙළිවීමත් සමඟයි.

බුදුදහමට අපහාස වන අයුරින් ප්‍රකාශ නිකුත් කර ඒවා අන්තර්ජාලයට මුදාහැරි බවට චෝදනා එල්ල වූ රත්නපුරේ විමල බුද්ධි හෙවත් ‘විශ්ව බුද්ධ මුනි’ නමැති මෙම චීවරධාරියා මීට පෙර අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධාගාර ගත කිරීමෙන් පසු දැඩි අවවාද මත අධිකරණය මඟින් මුදා හැරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
44
+1
1
+1
6
+1
2
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?