අවුරුදු 12ට අඩු දරුවන් වෙළෙඳ දැන්වීම්වලට යොදා ගැනීම තහනම්

ආහාර ද්‍රව්‍ය සඳහා වයස අවුරුදු 12ට අඩු ළමුන් වෙළෙඳ ප්‍රචාරක දැන්වීම්වලට යොදා ගැනීම තහනම් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අද (30) රාත්‍රියේ දී මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ අත්සනින් යුතුවයි.

ඒ අනුව එළඹෙන ජනවාරි මස පළමු වැනි දින සිට කිසිදු ලෙසකින් වයස අවුරුදු 12ට අඩු දරුවන් වෙළෙඳ දැන්වීම් සඳහා යොදාගත නොහැකි වනු ඇති.

මේ අතර 1980 අංක 26 දරන ආහාර පනතට අදාළ ව 2023 වසරේ සංශෝධනය කළ, ආහාර ලේබල් කිරීමේ සහ ප්‍රචාරය කිරීමේ නියෝග ඇතුළු නියෝග කිහිපයක් නැවත සංශෝධනය කර තිබෙනවා.

ආරම්භ ළදරු ආහාර වට්ටෝරු, පසුව ලබාදෙන ළදරු ආහාර වට්ටෝරු, ළදරුවන් සඳහා ලබාදෙන ආහාර නිෂ්පාදන, ළමුන් සඳහා වන කිරි සහ කිරි ආශ්‍රිත නිෂ්පාදන ගැන ප්‍රචාරණය ද තහනම් කර තිබෙනවා.

ආහාර ගැන සෘජුව හෝ වක්‍රව ගැබිණි මවක් හෝ කිරිදෙන මවක්, ළදරුවෙක් හෝ අවු.12ට අඩු ළමයෙක් නියෝජනය වන ශ්‍රව්‍ය දෘශ්‍ය හෝ පින්තූර සහිත යම් ප්‍රචාරණයක්, නිෂ්පාදන ලේබලයක, මුද්‍රිත, ඉලෙක්ට්‍රොනික, සමාජ මාධ්‍ය හෝ වෙනයම් අයුරකින් ප්‍රචාරණය ද තහනම් වනු ඇති.

අනුමැතියකින් තොරව, සෘජුව හෝ වක්‍රව අවු.12ට අඩු ළමුන් වෙත, යම් ආහාර අයිතම සමග හෝ වෙනම පත්‍රිකා, නොමිලේ දෙන සාම්පල, ද්‍රව්‍ය හෝ සෙල්ලම් බඩු, කාටූන් චරිත, වාසනාව ගෙන දෙන යම් වස්තූන්, ප්‍රසිද්ධ පුද්ගලයන් යොදාගනිමින් හෝ ආහාරයක් ප්‍රවර්ධනය කළ නොහැකි ආකාරයෙන් තවත් මීට අදාළ සංශෝධනය රැසක් සිදු ගැසට් මගින් සංශෝධනයට ලක් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21