හඳුන්නෙත්තිගේ නමින් මුදල් එක් කළ වංචනිකයින් වහාම අධිකරණයට ඉදිරිපත් කරන්න

අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ නම හා රුව භාවිතා කරමින් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ දෙස් විදෙස් ජනතාවගෙන් වංචනික ලෙස මුදල් එක් රැස් කළ බව කියන සැකකරුවන් වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් රිස්වාන් මහතා අද (30) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.

සිද්ධියට අදාළ ව සිදු කෙරෙන විමර්ශන කටයුතු සඳහා සැකකරුවන් ලෙස හඳුනාගෙන ඇති පුද්ගලයන්ගේ බැංකු වාර්තා කැඳවන ලෙසට ද මහේස්ත්‍රාත්වරයා මෙහිදී නියෝග කළ බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

කර්මාන්ත ව්‍යවසායකත්ව හා සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණයෙන් මෙම නියෝගය නිකුත් කෙරුණා.

කිසියම් පිරිසක් තමාගේ නම හා රුව ප්‍රදර්ශනය කරමින් වට්ස් ඇප් ඇතුළු සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ දෙස් විදෙස් ජනතාවගෙන් මුදල් රැස් කර ඇති බවට තොරතුරු ලැබී ඇති බැවින් ඒ පිළිබඳව විමර්ශනයක් ආරම්භ කරන ලෙසට අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කර තිබූ පැමිණිල්ලක් අනුව එම සිද්ධිය අධිකරණය හමුවේ කැඳවනු ලැබුවා.

එම සැකකරුවන් හඳුනාගෙන ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට විමර්ශන සිදු කරමින් පවතින බවත් ඊට අදාළ ව ඔවුන්ගේ බැංකු වාර්තා කැඳවීම සඳහා අවසර ලබාදෙන ලෙසත් එම විමර්ශන නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ දැක්වූ කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරයා සිද්ධියට අදාළ ප්‍රගති වාර්තාවක් කඩිනමින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද වැඩිදුරටත් නියෝග කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39