කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාවට සාමාජිකයින් පත්කිරීමට අයදුම්පත් කැඳවයි

2024 අංක 37 දරන කාන්තාවන් සවිබල ගැන්වීමේ පනතේ විධිවිධාන යටතේ කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාවේ සාමාජිකයන් ලෙස පත් කිරීම සඳහා නිර්දේශ කිරීම පිණිස ක්ෂේත්‍ර ගණනාවකට අදාළ ව පිළිගත් දැනුම, පළපුරුද්ද සහ විශිෂ්ටත්වය ඇති තැනැත්තන් අතරෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අයදුම්පත් කැඳවා තිබෙනවා.

පාර්ලිමේන්තුව සන්නිවේදන අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ; පාර්ලිමේන්තු වෙබ් අඩවියෙහි www.parliament.lk ක්‍ෂණික සබැඳි යටතේ කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාවේ සාමාජිකයින් පත් කිරීම නමින් පළ කර ඇති තොරතුරු ආකෘති පත්‍රයට අනුකූලව එක් එක් අයදුම්කරුවන් විසින් සිය අයදුම්පත සකස් කළ යුතු අතර, තොරතුරු ආකෘති පත්‍රයට අනුකූලව නාමයෝජනා සකස් කළ යුතු බවයි.

යථා පරිදි සම්පුර්ණ කරන ලද අයදුම්පත් / නාමයෝජනා 2025 ජනවාරි 20 වැනි දින හෝ ඊට පෙර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ මහලේකම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව – කාර්යාලය, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් හෝ [email protected] යන විද්‍යුත් ලිපිනයට යොමු කළ යුතු බවත් නිවේදනයේ සඳහන්.

නාමයෝජනා එවනු ලබන්නේ නම්, නාමිකයා විසින්ම තොරතුරු පත්‍රය සම්පූර්ණ කරනු ලැබිය යුතු අතර එම තොරතුරු පත්‍රය නාමයෝජනා කරනු ලබන පාර්ශ්වය විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත යොමු කළ යුතු වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.21
00:00
Video thumbnail
ගැටඹේ නාහිමිට අවසන් ගෞරව දක්වන්න ආ ඇමති නලින්ද - Uncle කෙනෙක් නලින්දට කිව්ව දේ
02:09
Video thumbnail
විහාර මහා දේවි උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ නවතම තත්ත්වය - මිනිස්සු වටවෙලා බණ අහයි
01:00
Video thumbnail
අර්චුනා නිසා පාර්ලිමේන්තුවේ ලොකු ගාලගෝට්ටියක් - "මම කවදාවත් පුද්ගලික දේවල් ඇහුවේ නෑ ?"
09:27
Video thumbnail
කාවන්තිස්ස ඇතාගේ මරණය සොයන්න විපක්ෂය විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉල්ලයි
01:12
Video thumbnail
විදුලි කැ#පිල්ල සිදුවුණේ ආණ්ඩුවේ සම්පූර්ණ වරදින්..?මේ ආණ්ඩුවට බෑ කියලා අපි කිව්වා
05:13
Video thumbnail
රුමේෂ් තරංග නිසා සජිත් උදෙන්ම පැටලෙයි - ගෙවිය යුතු කෝටි 5ක මුදල ඇයි නොගෙවන්නේ ?
04:46
Video thumbnail
සොයිසාපුර වෙ# තැබීම දුටු සේවකයෙක් හෙළිකළ දේ - "මහත්තයට දුවාගන්න බැරිවුණා..දුවනකොට වැදුණා"
02:21
Video thumbnail
භික්ෂු විරෝධතාවය මහසොන් දේවතාව ගෙන්නයි - මිනිස්සුන්ට බැරි වැඩ අදෘශ්‍යමාන බලවේගවලින් කරවනවා
05:44
Video thumbnail
මේ ඉන්නේ දුටුගැමුණු රජතුමාගේ අම්මගේ භූමියේ - බුදු රජාණන්වහන්සේ දුන්න චීවරය අනුරට ගලවන්න අයිතියක් නෑ
06:09