AFC Banner
Empty Ad
Empty Ad

වැලිගම දී වෙඩි තැබීමක් – අයෙක් මරුට

නාඳුනන තුවක්කුකරුවකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් වැලිගම, දෙනිපිටිය පාලම අසල දී පුද්ගලයකු මියගොස් තිබෙනවා.

මෙම වෙඩි තැබීමෙන් තවත් අයකු බරපතළ තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඊයේ (15) රාත්‍රී 9:45 පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර, වැලිගම, පැලෑන ප්‍රදේශයේ පදිංචි කෙලෙමිබි ආරචිචිගේ කමල් චමින්ද නැමැති 53 හැවිරිදි අයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

තුවාල ලබා රෝහල් ගතකර ඇත්තේ වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයාගේ 23 හැවිරිදි පුත්‍රයා බවයි වාර්තා වුණේ.

මෙම වෙඩි තැබීමට හේතුව සම්බන්ධයෙන් තොරතුරක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය වූ ස්ථානය තිබි T56 හිස් පතොරම් කොපු 10ක් පමණ පොලිසිය සොයාගෙන තිබෙනවා.

පියා සහ පුත්‍රයා යතුරුපැදියකින් ගමන් කරමින් සිටි අවස්ථාවේදී දෙණිපිටිය පාලම අසලදී නාඳුනන තුවක්කුකරුවකු විසින් වෙඩි තැබීම සිදුකර පලා ගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මියගිය පුද්ගලයාගේ මෘත දේහය මාතර මහ රෝහලේ තැන්පත් කර ඇති අතර, වෙඩික්කරුවන් සොයා විශේෂ කාර්ය බළකාය, වැලිගම පොලීසිය සහ අවට පොලිස් ස්ථාන කිහිපයක නිලධාරීන් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
1
+1
8
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තරුණයන්ට මේ රට භාර දෙන්න - නාකින්ට නෙවෙයි #ranilwickremesinghe #dayasirijayasekara
01:44
Video thumbnail
PRAHARAYA | හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
00:00
Video thumbnail
කටාර්වල මොල් වල කට්ටිය ඇවිදලා කියනවා මේ දැන් එනවා කියලා #dayasirijayasekara #akd #npp
02:39
Video thumbnail
මේ Musical Show එකක් නෙවෙයි - කුලියාපිටියෙදි සජිත් පිළිගත්ත විදිය #sajithpremadasa
02:43
Video thumbnail
මාලිමාවට මෙහෙම බැනිල්ලක් - මොකද්ද මේ වෛරය #anurakumaradissanayake #akd
02:04
Video thumbnail
මොනවද මේ අනුරට කරන අවලාද? -මිහින්තලේ හාමුදුරුවන්ටත් මාලිමාවෙන් එන්තර වාසියක් එයි වගේ
01:31
Video thumbnail
අනුර කුමාර විදේශිකයෙක් කියලා කියයිද දන්නේ නෑ
03:10
Video thumbnail
පන්සිල් පද පහම රකින නායකයෙක් මේ රටේ ජනාධිපති කරවමු #dayasirijayasekara #sajithpremadasa
01:24
Video thumbnail
දැන් එය බීරි අලි නෙමෙයි බීරි සිලින්ඩරේ
03:23
Video thumbnail
මේ කතාව ඇහුවොත් කතිරේ - මාලිමාවට#npp #akd #anurakumaradissanayake
02:35

?