සුප්‍රසිද්ධ රන් භාණ්ඩ අධිපතිවරයෙකු ඝාතනය කළ චූදිතයාට මරණ දඬුවම හිමිවෙයි

රන් ආභරණ ව්‍යාපාරයේ යෙදී සිටි කෝටිපති ව්‍යපාරිකයකු පැහැරගෙන ගොස් ⁣ඔහුගේ රන් ආභරණ තොගයක් සහ ලක්ෂ 33ක මුදලක් කොල්ලකා එම පුද්ගලයාගේ ගෙල සිරකර මරා දැමු 41 හැවිරිදි පුද්ගලයෙකු වරදකරු කරමින්; කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා අද (04) චූදිතයාට මරණීය දණ්ඩනය නියම කළා.

2012 ඔක්තෝබර් 30 වැනිදා පිට⁣කොටුවේ රාජා ජුවලර්ස් අධිපති සින්නදොරේ සුරේකා රාජා නමැති රන් ආභරණ ව්‍යාපාරිකයාව ඔහුගේ වාහනය සමගම පැහැරගෙන ගොස් පුස්සැල්ල ප්‍රදේශයේ දී චූදිතයා විසින් මරා දමා ඇති බවයි වාර්තා වන්නේ.

ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණ හමුවේ අධි චෝදනා ගොනු කර නඩු පැවරූ අතර දිර්ඝ නඩු විභාගයකින් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරුණා.

විත්තිකරුව පළමු වරදට වරදකරු කළ මහාධිකරණ විනිසුරුවරයා මරණීය දණ්ඩනය නියම කළ අතර දෙවැනි වරදට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කළා.

ඊට අමතරව රුපියල් 10,000ක දඩයක් ගෙවීමට ද නියෝග කළ බවයි අප අධිකරණ වාර්තාකාරිණිය පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46