එළඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් හිටපු ජනපතිනියගෙන් නිවේදනයක්

එළඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් විවිධ අපේක්ෂකයින් හට තමන් සහාය පළ කරන බවට ඇතැම් මාධ්‍ය විසින් පළ කර ඇති වාර්තා පිළිබඳව හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනාක කුමාරතුංගගේ අවධානය යොමු ව තිබෙනවා.

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනපතිනිය කියා සිටින්නේ, මෙම මැතිවරණ‍යේ දී මධ්‍යස්ථව කටයුතු කිරීමට තමා තීරණය කර ඇති බවයි.

මෙවර ජනාධිපතිවරණයේ දී පුද්ගලයා දෙස නොව එක් එක් අපේක්ෂකයා විසින් ඉදිරිපත් කරන වැඩපිළිවෙල හා ප්‍රතිපත්ති පිළිබඳව අවධානය යොමු කරන ලෙස තමන් මහජනතාවගෙන් ඉල්ලා සිටින බව ද හිටපු ජනපතිනිය සිය නිවේදනයෙන් ඉල්ලා සිටිනවා.

  1. පුද්ගලයෙක් වශයෙන් මම ඇයට ගොඩක් කැමති, හැබැයි දේශපාලකයෙක් වශයෙන් රටට කිසිම වැඩක් නොකරපු කාන්තාවක්.
    ඉතාම කණගාටුදායකයි