ප්‍රධාන පෙළේ රාජ්‍ය අමාත්‍යවරුන් 05 දෙනෙක් ඇමතිකම්වලින් දොට්ට

වහාම ක්‍රියාත්මක වන පරිදි අමාත්‍ය ධුර කිහිපයක් සංශෝධනය කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට පිවිසි රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ, ඩී.වී.චානක, ශෂීන්ද්‍ර රාජපක්ෂ, තේනුක විදානගමගේ සහ ප්‍රසන්න රණවීර යන අමාත්‍යවරුන් ඔවුන් දැරූ අමාත්‍ය ධුරවලින් ඉවත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ගීතා කුමාරසිංහ මන්ත්‍රිනිය මීට පෙර කටයුතු කළේ කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යවරිය ලෙසයි.

නමුත් ඇය ඊයේ (09) දිනයේ දී මහනුවර පැවති සමගි ජන සන්ධානයේ රැලියකට එක්වෙමින් ජනාධිපතිවරණයේ දී සිය සහාය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදෙන බවට ප්‍රකාශ කළා.

එමෙන්ම රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබා නොදෙමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා වන නාමල් රාජපක්ෂට සහාය ලබාදීමට තීරණය කර ඇති විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක ද ජනාධිපතිවරයා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධුරයෙන් ඉවත් කර තිබෙනවා.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලෙස කටයුතු කළ ප්‍රසන්න රණවීර ද අමාත්‍ය ධුරයෙන් ඉවත් කර ඇති අතර ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය ධුරයෙහි කටයුතු කරමින් සිටි ශෂීන්ද්‍ර රාජපක්ෂ ද එම තනතුරෙන් අද සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර ඇති බවයි අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ.

තේනුක විදානගමගේ ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධනය රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ද ඉවත් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' |
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40