බිම්ෂානී ජාසිංහආරච්චිව යළි තනතුරේ පිහිටුවන්න – උසාවියෙන් නියෝගයක්

ප්‍රජා පොලිස් ඒකකයේ වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරිය ලෙස කටයුතු කළ බිම්ෂානි ජාසිංහ ආරච්චි මහත්මිය ලබන ඔක්තෝබර් මස 05 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ තනතුර සඳහා පත් කිරීමට කරුණු සලකා බලන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ජාතික පොලිස් කොමිසමට නියෝග කර තිබෙනවා.

ජ්‍යේෂ්ඨතම කාන්තා පොලිස් නිලධාරිනියක් වන ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී බිම්ෂානි ජාසිංහ ආරච්චි මහත්මිය ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අද (10) එම නියෝගය නිකුත් කළා.

නියෝගය ප්‍රකාශයට පත් කරමින් එස්.තුරෙයි රාජා, ශිරාන් ගුණරත්න සහ අචල වෙංගප්පූලි යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල සඳහන් කළේ පෙත්සම්කාරිය අදාළ තනතුරෙන් ඉවත් කිරීම තුළින් ඇයගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවයි.

ඒ අනුව ඔක්තෝබර් මස 05 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි පෙත්සම්කාරිය අදාළ තනතුරට පත් කිරීම සඳහා කරුණු සලකා බලන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජාතික පොලිස් කොමිසමට නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ.

පෙත්සම්කර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, ප්‍රජා පොලිස් ඒකකයේ වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරිය වශයෙන් කටයුතු කළ තම සේවාදායිකාව වසරක කාලයක් සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සේවය කිරීම සඳහා විදේශගත වූ බව ප්‍රකාශ කළා.

වසරක සේවා කාලය අවසාන වී මෙරටට පැමිණීමෙන් පසුව තම සේවාදායිකාවට වැඩබලන නියෝජ්‍ය පොලිස්පති ධුරයේ කටයුතු කිරීමට අවසර නොදුන් බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කර තිබෙනවා.

මෙහි වගඋත්තරකරුවන් ලෙස ජාතික පොලිස් කොමිසම, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා, වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරුන් හතර දෙනෙකු ඇතුළු 14 දෙනෙකු නම්කර ඇති බවයි අප අධිකරණ වාර්තාකාරිණිය පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නිකවැරටිය ජන රැලිය
00:00
Video thumbnail
අනුර ලවා මහින්දගෙන් පළිගන්නවා - අනුරගේ ආණ්ඩුව සුද්දගේ ආණ්ඩුවට වඩා නරකයි
06:53
Video thumbnail
ඥානසාර හිමියන් නිදහස් කරන්න කියලා පානදුර මිනිස්සු අත්සන් තබයි
00:47
Video thumbnail
ජනාධිපතිතුමා, ඔයා බබා - සිවුරක් ගලවලා මුළු රටම කැලඹිලා
02:06
Video thumbnail
ලයිසන් එක ඉල්ලුවාම මට ග#න්න එනවා - මට ඕනේ මගේ ලයිසන් එක
02:13
Video thumbnail
සුඛෝපභෝගී බස් රථයක් මහ පාරේ ගිනිගෙන අළුවෙයි
01:43
Video thumbnail
සිවුර ගැලවීමට විරුද්ධව භික්ෂූන් වහන්සේලා විරෝධතා පාගමනක
01:22
Video thumbnail
ඥානසාර හිමි වෙනුවෙන් මහා සංඝරත්නය පාරට බහී
03:53
Video thumbnail
වැඩබලන අටමස්ථානාධිපති බැහැදකින්න අගමැතිතුමිය එක්ක වසන්තත් යයි
02:02
Video thumbnail
බොරු පැමිණිලි ඇත්ත කරන්න ආණ්ඩුව රාජ්‍ය බලය පාවිච්චි කරනවා
05:38