රාජ්‍ය බැංකුවලින් ලබාගෙන ඇති ණය සඳහා අය කරන බැංකු පොලී අනුපාතය ඉහළ දැමීම හේතුවෙන් ව්‍යවසායකයන් පීඩාවට පත්ව ඇති බවට මුදල් රාජ්‍ය අමාත්‍යාංශයට ලැබුණු පැමිණිලි සලකා බැලීමෙන් අනතුරුව මුදල් රාජ්‍ය අමාත්‍යාංශය රාජ්‍ය බැංකු ප්‍රධානීන්ට දැනුම් දී ඇත්තේ ව්‍යවසායකයන්ගේ ණය වාරිකවලට සහනයක් ලබාදෙන ලෙසයි.
රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය රාජ්‍ය බැංකු ප්‍රධානීන් සමග කළ සාකච්ඡාවකින් පසු මෙම දැනුම් දීම සිදුකර ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුව ලබාදී ඇති මාර්ගෝපදේශ අනුව යමින් අදාළ සහන ලබාදෙන ලෙසද රාජ්‍ය ඇමැතිවරයා ඉල්ලා ඇත.මෙහිදී බැංකු පද්ධතිය ආරක්ෂා කර ගැනීමේ වගකීමද රාජ්‍ය ඇමැතිවරයා පෙන්වා දී තිබේ.
තවද ලබාදෙන සහන පිළිබඳ කඩිනම් වාර්තාවක් අමාත්‍යාංශයට ලබාදෙන ලෙසද දැනුම් දී ඇත.