AFC Banner
Empty Ad
Empty Ad

මාස 6ක බිළිඳියකට අවාසනාවන්ත ලෙස ජීවිතය අහිමි වෙයි

ඌරුබොක්ක කටුවන ගෙදර ප්‍රදේශයේදී මාස 6ක් වයසැති බිලිඳියක් මිය යාම පිළිබඳ පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

ඊයේ සවස කුඩා බිළිඳිය මවගේ අතේ සිටියදී හිස බිත්තියේ වැදීම හේතුවෙන් සිදුවූ අනතුරක් හේතුවෙන් රෝහල් ගත කිරීමේදීයි මරණයට පත්වී ඇත්තේ.

ඊයේ සවස මව විසින් බිළිඳා උණු වතුරෙන් ඇඟ පිසදා තෙත මාත්තු කරමින් සිටින අවස්ථාවේ නිවසේ ඇති කරන සුනඛයා මවගේ පාදයෙන් ඇල්ලීම හේතුවෙන් ඒ දෙස හැරී බැලීමේදී මෙලෙස බිළිඳියගේ හිස බිත්තියේ වැදී ඇතැයි සඳහන්.

එම අවස්ථාවේ නිවසේ සිට ඇත්තේ එම කුඩා බිළිඳා සහ මව පමණයි.

එම සිදුවීමෙන් පසුව බිළිඳාගේ කිසිදු වෙනසක් දැක ගන්නට ලැබී නොමැති අතර සාමාන්‍ය ලෙස කටයුතු කර තිබෙනවා.

බිළිඳාගේ මව ද අසනීප තත්ත්වයක් හේතුවෙන් ඖෂධ ලබා ගැනීම හේතුවෙන් ඇය සිය සැමියාට මේ සම්බන්ධයෙන් දුරකථනයෙන් දැනුවත් කර ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

පසුව සැමියා සවස පැමිණ දරුවා සමග කතා කර ටික වේලාවකින් බිළිඳාගේ නහයෙන් කිරි වහනය වී තිබෙන ආකාරය දැක පරික්ෂා කර තිබෙනවා. එහිදී හිසෙහි බිත්තියේ වැදුණු ප්‍රදේශය නිල් පැහැ ගැන්වී තිබීම නිරීක්ෂණය වීම හේතුවෙන් ඔවුන් දරුවා හීගොඩ ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර තිබෙනවා.

පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහලට රැගෙන යෑමට අවශ්‍ය වුව ද පැවති ජල ගැලීම් තත්වය හේතුවෙන් වලස්මුල්ල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු දරුවා මියගොස් ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ මොරවක වැඩබලන මහේස්ත්‍රාත්වරයාගේ පරීක්ෂණයෙන් පසු මහේස්ත්‍රාත්වරයා ඌරුබොක්ක පොලිසියට නියෝග කළේ සිද්ධිය සම්බන්ධයෙන් වලස්මුල්ල මහේස්ත්‍රාත්වරයාට කරුණු වාර්තා කර පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්වීමට කටයුතු කරන ලෙසටයි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
17
+1
3
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තරුණයන්ට මේ රට භාර දෙන්න - නාකින්ට නෙවෙයි #ranilwickremesinghe #dayasirijayasekara
01:44
Video thumbnail
PRAHARAYA | හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
00:00
Video thumbnail
කටාර්වල මොල් වල කට්ටිය ඇවිදලා කියනවා මේ දැන් එනවා කියලා #dayasirijayasekara #akd #npp
02:39
Video thumbnail
මේ Musical Show එකක් නෙවෙයි - කුලියාපිටියෙදි සජිත් පිළිගත්ත විදිය #sajithpremadasa
02:43
Video thumbnail
මාලිමාවට මෙහෙම බැනිල්ලක් - මොකද්ද මේ වෛරය #anurakumaradissanayake #akd
02:04
Video thumbnail
මොනවද මේ අනුරට කරන අවලාද? -මිහින්තලේ හාමුදුරුවන්ටත් මාලිමාවෙන් එන්තර වාසියක් එයි වගේ
01:31
Video thumbnail
අනුර කුමාර විදේශිකයෙක් කියලා කියයිද දන්නේ නෑ
03:10
Video thumbnail
පන්සිල් පද පහම රකින නායකයෙක් මේ රටේ ජනාධිපති කරවමු #dayasirijayasekara #sajithpremadasa
01:24
Video thumbnail
දැන් එය බීරි අලි නෙමෙයි බීරි සිලින්ඩරේ
03:23
Video thumbnail
මේ කතාව ඇහුවොත් කතිරේ - මාලිමාවට#npp #akd #anurakumaradissanayake
02:35

?