මාස 6ක බිළිඳියකට අවාසනාවන්ත ලෙස ජීවිතය අහිමි වෙයි

ඌරුබොක්ක කටුවන ගෙදර ප්‍රදේශයේදී මාස 6ක් වයසැති බිලිඳියක් මිය යාම පිළිබඳ පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

ඊයේ සවස කුඩා බිළිඳිය මවගේ අතේ සිටියදී හිස බිත්තියේ වැදීම හේතුවෙන් සිදුවූ අනතුරක් හේතුවෙන් රෝහල් ගත කිරීමේදීයි මරණයට පත්වී ඇත්තේ.

ඊයේ සවස මව විසින් බිළිඳා උණු වතුරෙන් ඇඟ පිසදා තෙත මාත්තු කරමින් සිටින අවස්ථාවේ නිවසේ ඇති කරන සුනඛයා මවගේ පාදයෙන් ඇල්ලීම හේතුවෙන් ඒ දෙස හැරී බැලීමේදී මෙලෙස බිළිඳියගේ හිස බිත්තියේ වැදී ඇතැයි සඳහන්.

එම අවස්ථාවේ නිවසේ සිට ඇත්තේ එම කුඩා බිළිඳා සහ මව පමණයි.

එම සිදුවීමෙන් පසුව බිළිඳාගේ කිසිදු වෙනසක් දැක ගන්නට ලැබී නොමැති අතර සාමාන්‍ය ලෙස කටයුතු කර තිබෙනවා.

බිළිඳාගේ මව ද අසනීප තත්ත්වයක් හේතුවෙන් ඖෂධ ලබා ගැනීම හේතුවෙන් ඇය සිය සැමියාට මේ සම්බන්ධයෙන් දුරකථනයෙන් දැනුවත් කර ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

පසුව සැමියා සවස පැමිණ දරුවා සමග කතා කර ටික වේලාවකින් බිළිඳාගේ නහයෙන් කිරි වහනය වී තිබෙන ආකාරය දැක පරික්ෂා කර තිබෙනවා. එහිදී හිසෙහි බිත්තියේ වැදුණු ප්‍රදේශය නිල් පැහැ ගැන්වී තිබීම නිරීක්ෂණය වීම හේතුවෙන් ඔවුන් දරුවා හීගොඩ ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර තිබෙනවා.

පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහලට රැගෙන යෑමට අවශ්‍ය වුව ද පැවති ජල ගැලීම් තත්වය හේතුවෙන් වලස්මුල්ල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු දරුවා මියගොස් ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ මොරවක වැඩබලන මහේස්ත්‍රාත්වරයාගේ පරීක්ෂණයෙන් පසු මහේස්ත්‍රාත්වරයා ඌරුබොක්ක පොලිසියට නියෝග කළේ සිද්ධිය සම්බන්ධයෙන් වලස්මුල්ල මහේස්ත්‍රාත්වරයාට කරුණු වාර්තා කර පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්වීමට කටයුතු කරන ලෙසටයි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51