AFC Banner
Empty Ad
Empty Ad

පඬු කරඳ ගස ගොඩගන්නා ලෙස අධිකරණයෙන් නියෝගයක්

පසුගියදා මහත් ආන්දෝලනයට ලක්වූ පඬු කරඳ ගස වළ දමා තිබෙන ස්ථානය පෙන්වන ලෙසත් ලබන 24 වනදා නැවත නඩුව කැඳවන ලෙසත් අධිවේගී මාර්ග අධ්‍යක්ෂවරයාට ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ෆාතිමා හසානා මහත්මිය නියෝග කර ඇත.

එම පඬු කරඳ ගස ගොඩ ගන්නා ලෙස ඉල්ලමින් පුරාවස්තු සුරැකීමේ සංවිධානයේ සභාපති උඩස්ගිරිය සමිත හිමි විසින් ගම්පහ අධිකරණයට මෝසමක් මගින් දැනුම් දී තිබුණා.එම මෝසම ඉදිරිපත් කර ඇත්තේ සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් එය ගොඩගැනීම සඳහා ඉදිරිපත් කර තිබෙන නඩුවට අදාළවයි.අද (24) දින අතිරේක මහේස්ත්‍රාත් ෆාතිමා හසානා මහත්මිය මෙම මස 28 වන දින පඬු කරඳ ගසේ මුල නැවත ගොඩ  ගැනීමට කටයුතු සිදු කරන ලෙස අඩවි වන නිලධාරීන්ට නියෝග කර ඇත.

අද දින එය කැඳවනු ලැබූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරිය මෙම නියෝග ලබා දුන්නා

එමෙන්ම සුදුසුකම් ලත් පර්යේෂකයෙකු යොදවා එය සංරක්ෂණය කිරීමට කටයුතු කරන ලෙස ද අධිකරණය දැනුම් දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
7
+1
1
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?