අසල්වැසි රටේ පුරවැසියෙකුගේ ගමන් බෑගය ඉස්සූ ලාංකිකයාට මාංචු

ඉන්දීය ජාතිකයෙකුගේ ගමන් බෑගයක් දුම්රියේදී සොරකම් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වූ උඩරට මැණිකේ දුම් රියෙන් ගමන් ගත් ඉන්දීය ජාතිකයෙකුට මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණපෑමට සිදු ව ඇති බවයි.

මෙම සංචාරකයාගේ ගමන් බෑගය ඉඟුරුඔය සහ ගලබඩ අතර දී අස්ථානගත වී ඇති බවට දුම් රිය ආරක්ෂක අංශ නිලධාරීන් වෙත පැමිණිලි ලැබී තිබුණා.

ඒ අනුව ක්‍රියාත්මක වූ එම නිලධාරීන් අදාළ සිදුවීම ගැන හැටන් පොලිස් අපරාධ විමර්ශන අංශයට දැනුම්දීමෙන් අනතුරුව 30 හැවිරිදි මාවනැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන සැකකරුව අත්අඩංගුවට ගැනුණා.

සැකකරු මහනුවර සිට හැටන් දක්වා දුම්රියෙන් ගමන් කිරීමට ප්‍රවේශ පත්‍රයක් ලබාගෙන තිබූ අයෙක් බවයි හෙළි ව ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරු හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14