Empty Ad
AFC Banner
Empty Ad

දෙසොහොයුරෝ දියේ ගිලී ජීවිතක්ෂයට

මුලතිව් වව්නිකුලම් වැවේ දියනාමින් සිටි එකම පවුලේ සොහොයුරන් ‍දෙදෙනෙකු ඊයේ (26) දින දියේ ගිලීමෙන් මියගොස් ඇතැයි මල්ලාවි පොලීසිය පවසනවා.

මියගිය සොහොයුරන් දෙදෙනා යාපනයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් දෙදෙනා ඊයේ දින මල්ලාවි ප්‍රදේශයේ පදිංචි ඥාතියෙකුගේ අවසන් කටයුත්තක් සඳහා සහභාගී වීමෙන් අනතුරුව වව්නිකුලම් වැවේ දියනාමින් සිටියදී මෙම අවාසානාවන්ත මරණයන් සිදුව තිබෙනව බවයි වාර්තා වන්නේ.

එහිදී මරණගෙදරින් පසුව නැවත යාපනයට යාමට පෙර දිය නෑමට අවශ්‍ය බව පවසා වැවට ගොස් දියනාමින් සිටින අතරතුරදී බාල සොහොයුරා පිහිනීමට උත්සහ ගැනීමේදී දියේ ගිලී ඇති අතර පසුව ඔහු බේරා ගැනීමට වැඩිමල් සොහොයුරා උත්සාහ ගැනීමේදී දෙදෙනාම දියේ ගිලී ඇතැයි පොලිස් පරික්ෂණ වලදී හෙලී වී තිබෙනවා.

පසුව ප්‍රදේශවාසීන්ගේ සහයෙන් සොයුරන් දෙදෙනා ගෙඩට ගත්තද ඒ වනවිටත් දෙදෙනාම මිය ගොස් සිට ඇති අතර ඒ පිළිබඳව මල්ලාවි පොලීසිය දැනුවත් කරන ලදි.

මුලතිව් මහෙස්ත්‍රාත්වරයා සිද්ධිය වූ ස්ථානයට පැමිණ මහෙස්ත්‍රාත් පරික්ෂණය සිදුකර තිබෙනවා.

මෙලෙස දියේ ගිලීමෙන් මිය ගොස් ඇත්තේ යාපනය නල්ලූර් ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි සහ 27 හැවිරිදි අය වන අතර මල්ලාවි පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?