දේශබන්දු තෙන්නකෝන් හෙට තෙක් රිමාන්ඩ් (වීඩියෝ)

විවෘත වරෙන්තු ලබා තිබියදීත්, අධිකරණයෙන් සැඟවී සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හෙට (20) තෙක් රිමාන්ඩ් භාරයට පත් කර තිබෙනවා.

අද (19) පෙරවරුවේ සිය නීතිඥවරුන් මාර්ගයෙන් දේශබන්දු තෙන්නකෝන් මහතා මාතර මහේස්ත්‍රාත් අධිකරණයට භාර වුණු අතර එහි නඩු කටයුත්ත විභාග කරමින් මෙම තීන්දුව මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා විසින් නිකුත් කරනු ලැබුවා.

රජයේ නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයේ දී ප්‍රකාශ කර සිටියේ;”දේශබන්දු තෙන්නකෝන් මහතාගේ හැසිරීම ප්‍රබල අපරාධ කල්ලි නායක හරක්කටා, මාකඳුරේ මධූෂ්ට වඩා බරපතළ ගණයේ සංවිධානාත්මක අපරාධකරුවෙක් සේ වන” බවයි.

එය තවදුරටත් විග්‍රහ කරන්නේ නම්;

”ස්වාමිනී, දින විස්සක් පුරා මේ තැනැත්තා සොයමින් සිටින අවස්ථාවක අධිකරණයේ බංකුව දක්වා පැමිණියේ කොහොමද කාගෙවත් ඇසකට හසු නොවී?. ඒ වගේ ම පහුගිය දවස් 20 පුරා සැඟවිලා හිටිය තැන ගැන විශේෂයෙන්ම විමර්ශනය කළ යුතුයි. මේ තැනැත්තා පොලිස්පතිවරයාට නෙවෙයි අඩුම පොලිස් කොස්තාපල් තනතුරටවත් සුදුසු නෑ. පොලිස් කොස්තාපල් කෙනෙක් කියලා කියන ඒ අයටත් කරන නිගරුවක්. දැනට සොයාගෙන තියනවා මොහුට වක්‍රාකාරයෙන් නොනිල නිවාස 08ක් හිමියි කියලා. 2020 වසරේ සිට ඡන්ද හිමි නාමලේඛනයේවත් මොහුගේ නම නෑ. හොල්මනක් විදියට සමාජයේ ඉදලා තියෙන්නේ. හරක් කටා, මාකඳුරේ මධුෂ්ට වඩා දරුණු ගණයේ සංවිධානාත්මක අපරාධකරුවෙක් මොහු. තමන්ගේ බලය අනිසි ලෙස භාවිතා කරලා තියනවා. ඇප නොඳී විමර්ශන අවසන් වන තෙක් රිමාන්ඩ් කරන ලෙස ඉල්ලා සිටිනවා.” යනුවෙන් දිලීප පීරිස් මහතා අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කර තිබෙනවා.

දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වාගේ උපදෙස් පරිදි නීතිඥ කණ්ඩායමක් ද කරුණු දැක්වූවා.

එමෙන්ම මෙම අවස්ථාවේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් ද අධිකරණය වෙත කරුණු දැක්වූ බවයි පැවසෙන්නේ.

ඉදිරිපත් වු සියලු කරුණු සලකා බලා නඩුව අධයනය කර ඇප නියෝග පිළිබඳ ව වන නියෝගය හෙට නිකුත් කරන බව මාතර මහෙස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස වැඩිදුරටත් සඳහන් කළා.

වැලිගම හෝටලයකට 2023 වර්ෂයේ දී වෙඩි තැබීමේ සිදුවීමක් සම්බන්ධයෙන් දේශබන්දු තෙන්නකෝන්ට විවෘත වරෙන්තු නිකුත් වී තිබුණු අතර ඔහු එම නියෝගයෙන් පසුව පොලිස් විමර්ශනවලට බාධා කරමින්, දින 19කට ආසන්න කාලයක් සැඟවී සිටියා.

දේශබන්දු තෙන්නකෝන් මාතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට භාර වී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල අද පෙරවරුවේ පාර්ලිමේන්තුවට දැනුම්දීමක් ද සිදු කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18