”ස්වාමීනී මම අද අධිකරණයට ආවෙත් ලැජ්ජාවෙන්” – දිලීප පීරිස්ගෙන් අදත් සැර කරුණු දැක්වීමක්

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් කර තිබූ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මාතර මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා සැකකරුව අප්‍රේල් මස 03 වැනි දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අද (20) නියෝග කළා.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් හා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දිලීප පීරිස් මහතා කළ කරුණු දැක්වීම් අනුව එම සිද්ධීන් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන මේ දක්වා අවසන් වී නොමැති බව තම අධිකරණයට පෙනී යන බවත්, එලෙස විමර්ශන අවසන් ව නොමැති අවස්ථාවක සැකකරු ඇප මත මුදාහැරීම මගින් ඉදිරි විමර්ශනවලට බාධාවක් විය හැකි බවත් සිය නියෝගය නිකුත් කරමින් මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නා.

එම සැකකරුට ඇප ලබාදීම සම්බන්ධයෙන් නීතිපතිවරයා දැඩි ව විරුද්ධත්වය දක්වා තිබියදීත් හා දින 20ක් තිස්සේ නීතියේ ඇසට වැලි ගසමින් සැකකරුට සැඟව සිටීමට ආධාර – අනුබල දුන් සියලු දෙනාට ම එරෙහිව විමර්ශන පවත්වා නිසි නීතිමය පියවර ගන්නා ලෙසට ද අභියාචනාධිකරණය තම අධිකරණයට නියෝග කොට තිබියදීත්; විමර්ශන කටයුතු අවසන් වන තුරු ඇප මත මුදාහැරීමට තම අධිකරණයට නොහැකි බව ද මහේස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කරමින් පෙන්වා දුන් බවයි දසත අධිකරණ වාර්තාකාරිණිය වැඩිදුරටත් සඳහන් කළේ.

‘මෙම නඩුකර 02ක නීතියේ ආධිපත්‍යය හා නීතිය අවභාවිතය ගැන කියැවෙන නඩු දෙකක්. ස්වාමීනී, මම අද මෙම අධිකරණයට ආවෙත් ලැජ්ජාවෙන්. ඒ ඇයි ද කියනවා නම් මට අධිකරණයට එන්න වෙලා තියෙන්නෙත් පොලිස් ආරක්ෂාව යටතේ වීම නිසයි. ස්වාමීනී, ඒක ලැජ්ජා විය යුතු කරැණක් නෙමෙයි ද? ස්වාමීනි, ඒක අසාර්ථක රාජ්‍යයක සලකුණක්. ඒ නිසා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හා නීතිපතිවරයා එක්ව විමර්ශන අවසන් කරලා මෙම සැකකරුවන්ට එරෙහිව කඩිනමින් නඩු පැවරීමට පියවර ගත යුතුයි..” යැයි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දිලීප පීරිස් මහතා අධිකරණයට පෙන්වා දුන්නා.

ඉන්පසුව සැකකරුට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් මෙන් ම ඔහුට අධිකරණය මගහැර සැඟව සිටීමට ආධාර අනුබල දුන් තැනැත්තන් සම්බන්ධයෙන් ද අභියාචනාධිකරණය දුන් නියෝග ප්‍රකාර ව කඩිනමින් හා පුළුල් විමර්ශන පවත්වා, අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසට ද මහෙස්තුාත්වරයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.

එමෙන්ම සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන විට විධිමත් ආරක්ෂාවක් සපයන ලෙසට ද මාතර බන්ධනාගාර අධිකාරිවරයාට අධිකරණය වැඩිදුරටත් නියෝග කර ඇති බවයි අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
36
+1
5
+1
60
+1
3
+1
1
+1
7
+1
3
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38