දෙවුන්දර වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර

දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලයේ දකුණු වාහල්කඩ ඉදිරිපිට දී පෙරේදා (21) රාත්‍රියේ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියට අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් සිව්දෙනා මාර්තු 29 වන දින දක්වා රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම අවසර ලබා දී තිබෙනවා.

මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (23) මෙම අවසරය ලබා දෙනු ලැබුවා.

දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලයේ දකුණු වාහල්කඩ ඉදිරිපිට සිදුකළ මෙම වෙඩි තැබීමෙන් තරුණයින් දෙදෙනෙක් ජීවිතක්ෂය පත් වුණා.

අපරාධයට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙක් සහ සැකකාරියක් ඊයේ (22) අත්අඩංගුවට ගනු ලැබුවා.