IPL අරාබියට නොයන බවට ජේ ෂාගෙන් සහතිකයක්

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය විදේශයකට ගෙන නොයන බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩල ලේකම් ජේ ෂා තහවුරු කර තිබෙනවා.

තරගාවලිය පැවැත්වෙන කාලසීමාව තුළ ඉන්දීය මහ මැතිවරණය පැවැත්වීම හේතුවෙන් ප්‍රිමියර් ලීග් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත ගෙනයන බවට පළවන වාර්තාවලට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව සඳහන් කළා.

ඉන්දීය මැතිවරණ දිනය ඊයේ ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ලේකම් ජේ ෂා සම්මුඛ සාකච්ඡාවකදී තහවුරු කර සිටියේ අයි.පී.එල් තරගාවලිය වෙනත් රටකට මාරු නොකරන බවයි.

මේ අතර අයි.පී.එල් සභාපති අරුන් ධුමාල්, අප්‍රේල් 19 සිට ජූනි 01 දක්වා රට තුළ පැවැත්වීමට නියමිත මහ මැතිවරණය හේතුවෙන් ලීගය එක්සත් අරාබි එමීර් රාජ්‍යයට මාරු කරනු ඇතිබවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කළා.

මේ අතර තරගාවලියේ පළමු සති දෙක සඳහා වන කාලසටහන දැනටමත් නිකුත් කර ඇති අතර, තරගාවලිය අරඹමින් වත්මන් ශූරයන් වන චෙන්නායි සුපර් කිංග්ස් මාර්තු 22 වන දින රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් සමඟ තරඟ කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46
Video thumbnail
සූර්ය බලශක්ති ව්‍යාපෘතිවලට දාලා තියෙන තහංචි අයින් කරන්න - සජිත් රජයෙන් කළ ඉල්ලීම
01:46
Video thumbnail
ජලභීතිකා නව පනත තුළින් සිදුවන ගැටලු ගැන සජිත් හෙළිකරයි - තවත් සංශෝධනය කරන්න එපා
05:50
Video thumbnail
රුමේෂ්ගේ ජයග්‍රහණය ගෙදර අය කෑගහලා සමරපු හැටි - සතුටට කට්ටිය රතිඤ්ඤත් දායි
01:36
Video thumbnail
ආසියානු ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ රන් පදක්කම රුමේෂ්ට - මහ වැස්සේ අපේ කොල්ලා ගැහුව ගේම
00:52
Video thumbnail
අවසරලත් පීටිකාවෙන් පිට මත්පැන් තබා සාදයක් පැවැත්වූ කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:28
Video thumbnail
මත්පෙති ජාවාරමට එරෙහිව ගමක් පාරට බහී
01:37
Video thumbnail
විලංගු දාලා නාමල්ව නවත්වන්න බෑ
01:50