AFC Banner
AFC Banner
Empty Ad

තෙවන පාසල් වාරය අද සිට ඇරඹෙයි

රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරය අද (05) ආරම්භ වනවා.

අදින් ආරම්භවන තෙවන පාසල් වාරයේ පළමු අදියර අද (05) සිට ලබන 22 වන දින දක්වා පැවැත්වීමට නියමිතයි.

නත්තල් උත්සවය හේතුවෙන් එළඹෙන 23 වන දින සිට ජනවාරි මස 01වන දින දක්වා යළි පාසල් සඳහා නිවාඩු ලබාදීමටයි අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත්තේ.

තෙවන පාසල් වාරයේ දෙවන අදියර ජනවාරි මස 02 වනදා සිට ජනවාරි 20 වනදා දක්වා ක්‍රියාත්මක වන අතර, උසස් පෙළ විභාගය හේතුවෙන් ජනවාරි 21 වන දින සිට පෙබරවාරි මස 19 වන දින දක්වා යළි පාසල්වලට නිවාඩු ලබාදීමක් සිදු කෙරෙනවා.

2022 වසරේ තෙවන පාසල් වාරයේ අවසන් අදියර ලබන පෙබරවාරි මස 20 වන දින සිට මාර්තු මස 24 වන දින දක්වා ක්‍රියාත්මක කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
16
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?