AFC Banner
AFC Banner
Empty Ad

ජනපති යළි දිවයිනට

බ්‍රිතාන්‍යයේ සහ ප්‍රංශයේ සිදුකළ නිල සංචාරය අවසන් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (26) උදෑසන දිවයිනට පැමිණියා.

ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස අද (26) උදෑසන 09.10ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ- 650 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බවයි ගුවන්තොටුපොළ අප වාර්තාකරු සඳහන් කළේ.

ජනාධිපතිවරයාගේ පැමිණීම වෙනුවෙන් අද අලුයම 05.30 සිට කටුනායක ගුවන් තොටුපොළ තුළ, ඒ අවට ප්‍රදේශයේ සහ කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය අවට ප්‍රදේශයේ දැඩි ආරක්ෂාවක් යොදවා තිබූ බවයි වාර්තා වන්නේ.

ඒ, සදහා පොලිස් නිලධාරීන් මෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරීන් ද යොදවා තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?