පොලිසියට අයත් T56 ගිනි අවියක් සමග රට පැන්න කොස්තාපල්ගේ මව සහ පියා ඇප මත නිදහස්

ගල්කිස්ස පොලිස් ස්ථානය සතුව පැවති T56 ස්ව‍යංක්‍රීය ගිනි අවියක් පැහැර ගෙන ගොස් ඉකුත් 05 වන දින ඩුබායි රාජ්‍යය බලා පලා ගිය බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි ගල්කිස්ස පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල් අකාෂ් ජයකොඩි නමැත්තාගේ මව සහ පියා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු එක් අයෙකුට ශරීර ඇප මත දෙක බැගින් ගෙන මුදා හරින ලෙස ගස්කිස්ස මහේස්ත්‍රාත් චතුරිකා සිල්වා මහත්මිය විසින් අද (13) දින නියෝග කළා.

මෙලෙස ඇප නියම වූයේ අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිකරුවන් වන ජයකොඩි ආරච්චිගේ හේරත් ජයකොඩි සහ වලිමුණි දේවගේ නිලන්ති ප්‍රියංකා දේවානන්ද යන අය හට යි.

ගල්කිස්ස පොලිසිය විසින් අනුරාධපුර ප්‍රදේශයට ගොස් සැකකාර කොස්තාපල් ආකාෂ් ජයකොඩි නමැත්තාගේ මව සහ පියා ඉකුත් 08 දින අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත, පොදු දේපළ පනත, මුදල් විශුද්ධිකරණ යන පනත් යටතේ වරදවල් අනාවරණය වන බව අධිකරණය වෙත දැනුම් දී දින දෙකක් රැදවුම් නියෝග ලබා ගෙන තිබුණා.

අදාළ රැඳවුම් නියෝග අද (13) දින අවසන් කර එම සැකකරුවන් දෙදෙනා අධිකරණය ඉදිරිපත් කර අවස්ථාවේදී සැකකරුවන් වෙනුවෙන් නීතිඥ නුවන් ජයවර්ධන සහ නීතිඥ සත්‍යජිත් මුණසිංහ යන මහත්වරුන් පෙනී සිටිමින් කියා සිටියේ තම සේවාදායින් කිසිදු සාධරණ හේතුවක් නොමැතිව, කිසිදු සාක්ෂියක් නොමැතිව හුදෙක් පොලිස් කොස්තාපල්වරයාගේ දෙමාපියන් වීම මත පමණක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔවුන්ට විරුද්ධව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත, පොදු දේපළ පනත, මුදල් විශුද්ධිකරණ පනත යටතේ වරදක් කළ බවට කිසිඳු සාක්ෂියක් නොමැති බවත් ඒ අනුව අදාළ සැකකරුවන් දෙදෙනා මුදා හරින ලෙසයි.

පොලිසිය සහ විත්තිකරුවන් ඉදිරිපත් කළ කරුණු සළකා බලන ලද මහෙස්ත්‍රාත්වරිය සැකකරුවන් සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති සාක්ෂි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කිසිසේත්ම ප්‍රමාණවත් නොමැති පවසමින් මෙලෙස සැකකරුවන් ඇප මත මුදා හැරියා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර පොලිස් කොස්තාපල්වරයාට පලා යාමට ආධාර උපකාර කළ බවට අත්අඩංගුවට ගෙන සිටි තවත් පොලිස් කොස්තාපල්වරයෙකු ද පොලිසිය විසින් එම අවස්ථාවේදී අධිකරණයට ඉදිරිපත් කළ අතර එම සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවත් සැකකරු අත්අඩංගුවට ගත් අවස්ථාවේදී සන්තකයේ තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 03කට අධික ප්‍රමාණයක් පවතින බවට සොයාගත් බවත් පොලිසිය අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කෙරුණා.

එබැවින් සැකකරු සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශන සිදු කළ යුතු බැවින් සැකකරු දින හතක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාදෙන ලෙස පොලිසිය අධිකරණයෙන් කළ ඉල්ලීමට අනුව මම මහේස්ත්‍රාත්වරිය එම අවසර නියෝගය ලබාදීමට කටයුතු කළා.

මේ සම්බන්ධයෙන් වූ වැඩිදුර නඩු විභාගය ලබන 19 වෙනි දින නැවත කැදවීමට නියමිත යි.

සැකකරුවන් වෙනුවෙන් නීතිඥ නුවන් ජයවර්ධන සහ නීතිඥ සත්‍යජිත් මුණසිංහ යන මහත්වරුන් පෙනී සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14