AFC Banner
Empty Ad
Empty Ad

ගාසා තීරයට නව ප්‍රහාර රැල්ලක් – නෙතන්යාහුගෙන් රතු එළියකුත්

ඊශ්‍රායලය විසින් ගාසා තීරයට අලුතින් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා.

එරට අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සඳහන් කර ඇත්තේ; මෙම ප්‍රහාර මාලාව තුළ ආක්‍රමණ කිහිපයක් තිබීමට ඉඩකඩ ඇති බවයි.

ඊශ්‍රායල ආරක්ෂක අංශ විසින් මේ වනවිට හමාස් සංවිධානයේ ප්‍රධාන ඉලක්ක නිරීක්ෂණය කරමින් සිටිනවා.

එම ඉලක්ක නිරීක්ෂණය වීමත් සමග කඩිනමින් ඒවාට ප්‍රහාර එල්ල කිරීමට ඊශ්‍රායල හමුදාව කටයුතු කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

නමුත් අමෙරිකාව සහ ඊශ්‍රායලයට සහාය පළ කරන රාජ්‍යයන් ඉල්ලා සිටින්නේ පූර්ණ ආක්‍රමණයක් හමාස් සංවිධානයට එරෙහි ව දියත් කිරීම තවදුරටත් ප්‍රමාද කරන ලෙසයි.

මේ වනවිට ඊශ්‍රායලය දැඩි ප්‍රහාර හමුවේ ගාසා තීරයට විශාල වශයෙන් හානි සිදු ව ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
1
+1
2
+1
8
+1
4
+1
1
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?