රුපියල් 6,000ක දීමනාව තවත් සිසුන් පිරිසකට ලබාදීමේ සූදානමක්

අස්වැසුම හිමි පවුල්වල පාසල් අධ්‍යාපනය ලබන ළමුන් සඳහා ලබාදෙන රුපියල් 6,000ක දීමනාව පසුගිය සිකුරාදා දින අස්වැසුම බැංකු ගිණුම් වෙත නිකුත් කර තිබෙනවා.

මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළා.

මේ අතර අස්වැසුම වැඩසටහනට ඇතුළත් නොවන අනෙකුත් සුදුසු පාසල් ළමුන් සඳහා ද එක් ළමයෙකුට රුපියල් 6,000ක දීමනාව ලබාදීම සඳහා 2025 වර්ෂයේ දී අවශ්‍ය ප්‍රතිපාදන අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය වෙත යොමු කිරීමට අපේක්ෂා කරන බවයි මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

ඒ, අනුව එම දීමනා සුදුසු ක්‍රමවේදයක් යටතේ පාසල් ළමුන් වෙත ලබාදීමට කටයුතු කරනු ඇති.

මෙමඟින් පාසල් අධ්‍යාපනය සඳහා දෙමාපියන් විසින් දරනු ලබන වැය බරට සහනයක් ලබාදීම සහ පාසල් ළමුන්ගේ අධ්‍යාපනය අඛණ්ඩව සිදුකර ගැනීම මඟින් ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම රජයේ අපේක්ෂාව බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.21
00:00
Video thumbnail
ගැටඹේ නාහිමිට අවසන් ගෞරව දක්වන්න ආ ඇමති නලින්ද - Uncle කෙනෙක් නලින්දට කිව්ව දේ
02:09
Video thumbnail
විහාර මහා දේවි උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ නවතම තත්ත්වය - මිනිස්සු වටවෙලා බණ අහයි
01:00
Video thumbnail
අර්චුනා නිසා පාර්ලිමේන්තුවේ ලොකු ගාලගෝට්ටියක් - "මම කවදාවත් පුද්ගලික දේවල් ඇහුවේ නෑ ?"
09:27
Video thumbnail
කාවන්තිස්ස ඇතාගේ මරණය සොයන්න විපක්ෂය විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉල්ලයි
01:12
Video thumbnail
විදුලි කැ#පිල්ල සිදුවුණේ ආණ්ඩුවේ සම්පූර්ණ වරදින්..?මේ ආණ්ඩුවට බෑ කියලා අපි කිව්වා
05:13
Video thumbnail
රුමේෂ් තරංග නිසා සජිත් උදෙන්ම පැටලෙයි - ගෙවිය යුතු කෝටි 5ක මුදල ඇයි නොගෙවන්නේ ?
04:46
Video thumbnail
සොයිසාපුර වෙ# තැබීම දුටු සේවකයෙක් හෙළිකළ දේ - "මහත්තයට දුවාගන්න බැරිවුණා..දුවනකොට වැදුණා"
02:21
Video thumbnail
භික්ෂු විරෝධතාවය මහසොන් දේවතාව ගෙන්නයි - මිනිස්සුන්ට බැරි වැඩ අදෘශ්‍යමාන බලවේගවලින් කරවනවා
05:44
Video thumbnail
මේ ඉන්නේ දුටුගැමුණු රජතුමාගේ අම්මගේ භූමියේ - බුදු රජාණන්වහන්සේ දුන්න චීවරය අනුරට ගලවන්න අයිතියක් නෑ
06:09