රුපියල් 6,000ක දීමනාව තවත් සිසුන් පිරිසකට ලබාදීමේ සූදානමක්

අස්වැසුම හිමි පවුල්වල පාසල් අධ්‍යාපනය ලබන ළමුන් සඳහා ලබාදෙන රුපියල් 6,000ක දීමනාව පසුගිය සිකුරාදා දින අස්වැසුම බැංකු ගිණුම් වෙත නිකුත් කර තිබෙනවා.

මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළා.

මේ අතර අස්වැසුම වැඩසටහනට ඇතුළත් නොවන අනෙකුත් සුදුසු පාසල් ළමුන් සඳහා ද එක් ළමයෙකුට රුපියල් 6,000ක දීමනාව ලබාදීම සඳහා 2025 වර්ෂයේ දී අවශ්‍ය ප්‍රතිපාදන අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය වෙත යොමු කිරීමට අපේක්ෂා කරන බවයි මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

ඒ, අනුව එම දීමනා සුදුසු ක්‍රමවේදයක් යටතේ පාසල් ළමුන් වෙත ලබාදීමට කටයුතු කරනු ඇති.

මෙමඟින් පාසල් අධ්‍යාපනය සඳහා දෙමාපියන් විසින් දරනු ලබන වැය බරට සහනයක් ලබාදීම සහ පාසල් ළමුන්ගේ අධ්‍යාපනය අඛණ්ඩව සිදුකර ගැනීම මඟින් ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම රජයේ අපේක්ෂාව බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තමා දුන් තීන්දු රිවස් කිරීම ගැන මෛත්‍රිපාල කිව්ව දේ - "මම ව්‍යවස්ථානුකූලව කරලා තියෙනවා"
01:12
Video thumbnail
"12 වැනිදාට මමත් මහින්දගේ වේදිකාවට නගිනවා.. සජිත් ජනාධිපති වුණොත් එයා ළඟට යනවා"
00:16
Video thumbnail
"නාමල්ගේ නඩුව ඉවර වෙද්දි ජනාධිපති වෙන කවුරු හරි"
00:13
Video thumbnail
වියළි කාලගුණයට විරාමයක් දී මොණරාගලට ඇදහැලුණු මහ වැස්ස
02:43
Video thumbnail
මේක ජනතාව එක්ක මහපාරේ විසඳගන්න වෙනවා - පරමාධිපත්‍යයට ශ්‍රේෂ්ඨාධිකරණයත් පිටුපාල
03:12
Video thumbnail
හින්දු ආගමික නායකයින් පිරිසක් සහ ජනපති අතර විශේෂ හමුවක්
01:27
Video thumbnail
22 ගැන කට ඇරිය පාඨලී - JVP තුවක්කු අපි දැකලා තියෙනවා..ගොඩක් අයගේ කූඩුවල අපි ඉදලා තියෙනවා
03:39
Video thumbnail
පොහොට්ටුවේ රැස්වීමට එන්නේ හොරුද ?පි#සො කළබල වුණාට දොස්තරලා කළබල වෙන්නේ නෑ
05:50
Video thumbnail
මම ආදරයෙන් කියන්නේ අයියලා කියලා - අර්චුනා පාර්ලිමේන්තුවේ කළ සුපිරි කතාව
07:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.10
08:16:12