සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් බවට සැක කෙරෙන පුද්ගලයින් දෙදෙනෙක් ඊයේ (09) පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පාදුක්ක සහ හංවැල්ල යන ප්‍රදේශවල පදිංචි 24 සහ 37 යන වයස්වල පසුවන සැකකරුවන් දෙදෙනෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.
මොවුන් දෙදෙනා දැනට විදෙස්ගතව සිටින ප්‍රබල අපරාධ කල්ලි නායකයෙකු සමඟ සමීප සබඳතා පවත්වා ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.
අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් දෙදෙනා සන්තකයේ තිබී අනන්‍යතාව තහවුරුකර ගැනීමට නොහැකි වූ යතුරුපැදි දෙකක්, තවත් යතුරුපැදියක අංක තහඩු යුගළයක් සහ ජංගම දුරකථන දෙකක් ද වැටලීම සිදුකළ නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.
සැකකරුවන් දෙදෙනා වැඩිදුර විමර්ශන සඳහා අතුරුගිරිය පොලිස් ස්ථානය සඳහා වැඩිදුර විමර්ශන වෙනුවෙන් භාරදී ඇති බවයි වාර්තා වුණේ.





