Empty Ad
AFC Banner
Empty Ad

X Press Pearl ගින්නෙන් සිදු වු හානිය ගැන සෙවූ විද්වත් කමිටුවේ වාර්තාව අධිකරණ ඇමතිට

MV -X Press Pearl නෞකාවේ ඇති වු ගින්න හේතුවෙන් සියලු ආකාරයෙන් සිදු වු බලපෑම හා හානිය පිළිබඳව සොයා බැලීම සඳහා අධිකරණ අමාත්‍යවරයා විසින් පත් කළ විද්වත් කමිටුවේ වාර්තාව අධිකරණ, අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා වෙත භාරදීම ඊයේ අධිකරණ අමාත්‍යාංශයේදී සිදු කෙරුණා.

මෙම විද්වත් කමිටුව අදාළ ක්ෂේත්‍රය පිළිබඳව දේශීය හා ජාත්‍යන්තර වශයෙන් පුළුල් දැනුමක් සහ අවබෝධයක් ඇති විද්වතුන් 40 දෙනෙකුගෙන් සමන්විතයි.

මහාචාර්ය අජිත් ද අල්විස් මහතා සහ මහාචාර්ය ප්‍රිශාන්ති ගුණවර්ධන මහත්මිය මෙම විද්වත් කමිටුවේ සම සභාපතිවරුන් ලෙස කටයුතු කරනු ලැබුවා.

දැනට ගිනිබත්ව ඇති නෞකාව ඉවත් කිරීමට කටයුතු කළහොත් එහි අපද්‍රව්‍ය මුහුදු ජලය සමග එක්වීමේ අවධානමක් පවතින අතර, ඒ හේතුවෙන් මුහුදු ජීවීන්ට හා පැලෑටිවලට හානි සිදුවිය හැකි බවයි විද්වත් කිමිටුව විසින් මෙහිදී පෙන්වා දී ඇත්තේ.

මෙම සිදුවීමෙන් වු හානිය සඳහා වන්දි ලබාදීමේදී ජාත්‍යන්තර නීතියට අනුව කටයුතු කරන ලෙසට සහ ඉදිරි කටයුතු සදහා විද්වත් කමිටු වාර්තාව නීතිපතිවරයා වෙත යොමු කිරීමට පියවර ගන්නා බව, අධිකරණ අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර තිබෙනවා.

මෙම අවස්ථාවට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු කියාසිටියේ නෞකාව ගිනි ගැනීම හේතුවෙන් සිදුවූ හානියට අදාළව වන්දි ඉල්ලා සිංගප්පූරු අධිකරණය හමුවේ නඩු පැවරීමට කටයුතු කරන බවයි.

අධිකරණ අමාත්‍යවරයා සහ රජය මැදිහත් වී එම කටයුතු සිදුකරන බවයි ඔහු සඳහන් කළේ.

ඊට පෙර නෞකාව රක්ෂණය කර ඇති රක්ෂණ සමාගම සමග ද සාකච්ඡා කර වන්දි මුදල් ලබාගැනීමට පියවර ගන්නා අතර එම වන්දි ලබාගැනීම මෙරට ජනතාවගේ අයිතිවාසිකමක් බවයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාලිගාවත්තට ගිහින් සජිත් කතා කරද්දී සජිත්ගේ පිටියට ආපු ප්‍රබලයා
20:00
Video thumbnail
පන්නල බලය අල්ලන්න පුටුවෙන් එන තරුණයාගේ කතාව
29:34
Video thumbnail
බටලන්දේ ඇසින් දුටු සාක්ෂියක් CIDයට එයි
08:18
Video thumbnail
රාජාංගනේ හිමිට වැඩ වරදියි - දැන් එයාගේ නම අනුර සුසන්ත ද සිල්වා
18:13
Video thumbnail
ඇමති නලින්ද හා මාධ්‍යවේදියා ඇවිලෙයි - සුපිරි ජාවාරම නිසා කැබිනෙට්ටුව උණුසුම් වෙයි
02:42
Video thumbnail
පුටුවෙන් ඡන්දේ ඉල්ලනවා කියලා මගේ නම දාලා - මොනවද මේ කැත වැඩ
03:53
Video thumbnail
විමල්ට උත්තර දෙන්න හඳුන් මාධ්‍ය කැඳවයි - ඇමතිට මාධ්‍ය හමුවේ හොඳටම තදවෙයි
17:17
Video thumbnail
මහ ඇමති කරපු දේ එළියට ආපු හැටි - අකුරක් නෑර මෙන්න හැමදේම එක පෙළට
04:29
Video thumbnail
සම්බාධක ගැන කැබිනට් ප්‍රකාශක කට අරියි
03:40
Video thumbnail
මාධ්‍යවේදියාගේ ප්‍රශ්නයට ඇමති දීපු උත්තරේ
03:06
<p>?</p>