X Press Pearl ගින්නෙන් සිදු වු හානිය ගැන සෙවූ විද්වත් කමිටුවේ වාර්තාව අධිකරණ ඇමතිට

MV -X Press Pearl නෞකාවේ ඇති වු ගින්න හේතුවෙන් සියලු ආකාරයෙන් සිදු වු බලපෑම හා හානිය පිළිබඳව සොයා බැලීම සඳහා අධිකරණ අමාත්‍යවරයා විසින් පත් කළ විද්වත් කමිටුවේ වාර්තාව අධිකරණ, අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා වෙත භාරදීම ඊයේ අධිකරණ අමාත්‍යාංශයේදී සිදු කෙරුණා.

මෙම විද්වත් කමිටුව අදාළ ක්ෂේත්‍රය පිළිබඳව දේශීය හා ජාත්‍යන්තර වශයෙන් පුළුල් දැනුමක් සහ අවබෝධයක් ඇති විද්වතුන් 40 දෙනෙකුගෙන් සමන්විතයි.

මහාචාර්ය අජිත් ද අල්විස් මහතා සහ මහාචාර්ය ප්‍රිශාන්ති ගුණවර්ධන මහත්මිය මෙම විද්වත් කමිටුවේ සම සභාපතිවරුන් ලෙස කටයුතු කරනු ලැබුවා.

දැනට ගිනිබත්ව ඇති නෞකාව ඉවත් කිරීමට කටයුතු කළහොත් එහි අපද්‍රව්‍ය මුහුදු ජලය සමග එක්වීමේ අවධානමක් පවතින අතර, ඒ හේතුවෙන් මුහුදු ජීවීන්ට හා පැලෑටිවලට හානි සිදුවිය හැකි බවයි විද්වත් කිමිටුව විසින් මෙහිදී පෙන්වා දී ඇත්තේ.

මෙම සිදුවීමෙන් වු හානිය සඳහා වන්දි ලබාදීමේදී ජාත්‍යන්තර නීතියට අනුව කටයුතු කරන ලෙසට සහ ඉදිරි කටයුතු සදහා විද්වත් කමිටු වාර්තාව නීතිපතිවරයා වෙත යොමු කිරීමට පියවර ගන්නා බව, අධිකරණ අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර තිබෙනවා.

මෙම අවස්ථාවට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු කියාසිටියේ නෞකාව ගිනි ගැනීම හේතුවෙන් සිදුවූ හානියට අදාළව වන්දි ඉල්ලා සිංගප්පූරු අධිකරණය හමුවේ නඩු පැවරීමට කටයුතු කරන බවයි.

අධිකරණ අමාත්‍යවරයා සහ රජය මැදිහත් වී එම කටයුතු සිදුකරන බවයි ඔහු සඳහන් කළේ.

ඊට පෙර නෞකාව රක්ෂණය කර ඇති රක්ෂණ සමාගම සමග ද සාකච්ඡා කර වන්දි මුදල් ලබාගැනීමට පියවර ගන්නා අතර එම වන්දි ලබාගැනීම මෙරට ජනතාවගේ අයිතිවාසිකමක් බවයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කථානායක ඉල්ලා අස්වෙන්නද යන්නේ ?මාලිමා ඇමති සියල්ල හෙළිකරයි
00:50
Video thumbnail
අධිකරණයට ආ නාමල් ගැන සුසිල්ගෙන් සැර කතාවක් - පාතාලය ඔඩොක්කුවේ තියාගෙන හුරතල් කළේ
01:39
Video thumbnail
අතුරුදන් වූ 96 හැවිරිදි කාන්තාවගේ සිරුර කැලෑ ප්‍රදේශයකින් හමුවෙයි - "මට මේක ගැන සැකයක් ඇතිවෙනවා"
03:50
Video thumbnail
අපරාධ සහ රිය අනතුරු අවම කරන්න වැල්ලවායේ පොලිසිය ත්‍රීරෝද රථවල ස්ටිකර් අලවයි
01:18
Video thumbnail
දුම්රිය වැඩවර්ජනය සාර්ථකයි - දුම්රිය පද්ධතිය අඩාලවෙලා..විෂයභාර ඇමති පම්පෝරි ගහනවා
08:21
Video thumbnail
දුම්රිය සාමාන්‍යාධිකාරිවරයට එරෙහිව පැමිණිල්ලක් - විශාල මූල්‍ය අලාභයක් කරලා..පාඩුව තෙගුණ වෙනවා
04:51
Video thumbnail
අනුර එදා වමට සිග්නල් දාල දකුණෙත් එහාට ගිහින් - සමාජවාදය ෆේල් - ධනය උපයන්න බෑ
07:23
Video thumbnail
සජබයත් - එජාපයත් එකට එකතු වෙනවා..අපි දකුණටත්, වමටත් නෙවෙයි - JRගේ මැද මාවතේ
05:26
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන කුඹුරකට වැටුණු වෑන් රථය
00:27
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසළ උණුසුම්
01:06