VAT බදු සහ දේශීය ආදායම් පනත් කෙටුම්පත් දෙවනවර කියවීමේ විවාදය ලබන 09 වනදා

එකතු කළ අගය මත බදු (සංශෝධන) සහ දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත් දෙවනවර කියවීමේ විවාදය
දෙසැම්බර් 09 වනදා පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව එදින පෙරවරු 9.30 සිට 10.30 දක්වා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කොට ඇති අතර, පෙරවරු 10.30 සිට පස්වරු 5.00 දක්වා මෙම පනත් කෙටුම්පත් ද්විත්වය විවාදයට ගැනීමට නියමිතයි.

එදින පස්වරු 5.00 සිට 5.30 දක්වා ආණ්ඩුපාර්ශ්වය විසින් ගෙන එන යෝජනාවට අනුව සභාව කල් තබන අවස්ථාවේ විවාදය පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මීට පෙර දෙසැම්බර් 09 සම්පූර්ණ දිනය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන්කොට තිබූ අතර, මේ අනුව එය දෙසැම්බර් 10 දින පැවැත්වීමටයි මෙහිදී තීරණය වී ඇත්තේ.

මේ අතර ලබන 30 වැනිදා 2023 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථා විවාදයෙන් පසු 2022 මූල්‍ය වර්ෂයට අදාළ විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම සහ දේශීය භාණ්ඩාගාර ආඥා පනත යටතේ යෝජනා සම්මතය පාර්ලිමේන්තුවේ අනුමතිය සඳහා ඉදිරිපත්කිරීමට නියමිතව ඇති බවද වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?