VAT බදු සහ දේශීය ආදායම් පනත් කෙටුම්පත් දෙවනවර කියවීමේ විවාදය ලබන 09 වනදා

එකතු කළ අගය මත බදු (සංශෝධන) සහ දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත් දෙවනවර කියවීමේ විවාදය
දෙසැම්බර් 09 වනදා පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව එදින පෙරවරු 9.30 සිට 10.30 දක්වා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කොට ඇති අතර, පෙරවරු 10.30 සිට පස්වරු 5.00 දක්වා මෙම පනත් කෙටුම්පත් ද්විත්වය විවාදයට ගැනීමට නියමිතයි.

එදින පස්වරු 5.00 සිට 5.30 දක්වා ආණ්ඩුපාර්ශ්වය විසින් ගෙන එන යෝජනාවට අනුව සභාව කල් තබන අවස්ථාවේ විවාදය පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මීට පෙර දෙසැම්බර් 09 සම්පූර්ණ දිනය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන්කොට තිබූ අතර, මේ අනුව එය දෙසැම්බර් 10 දින පැවැත්වීමටයි මෙහිදී තීරණය වී ඇත්තේ.

මේ අතර ලබන 30 වැනිදා 2023 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථා විවාදයෙන් පසු 2022 මූල්‍ය වර්ෂයට අදාළ විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම සහ දේශීය භාණ්ඩාගාර ආඥා පනත යටතේ යෝජනා සම්මතය පාර්ලිමේන්තුවේ අනුමතිය සඳහා ඉදිරිපත්කිරීමට නියමිතව ඇති බවද වාර්තා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:01
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17