UPDATE :-විස්තාරා ගුවන් යානයේ බෝම්බ බියක් නෑ – හදිසි පරීක්ෂාව අවසන්

ඉන්දියාවේ මුම්බායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් තිබූ ඉන්දීය ‘විස්තාරා’ ගුවන් සේවයේ යානය තුළ බෝම්බ ඇති බවට, එරට විස්තාරා ගුවන් සේවා ප්‍රධාන කාර්යාලයේ X ගිණුම වෙත ලැබී තිබූ පණිවිඩයක් මත, කටුනායක ගුවන් තොටුපොළ දැනුවත් කිරීමෙන් අනතුරුව, එම ගුවන් යානය පූර්ණ හදිසි ගොඩ බැස්සවීමකට ( Full Emergency Landing ) අද (24) දින පස්වරුවේ ලක් කිරීමට පියවර ගැනුණා.

ඒ අනුව අද පස්වරු 02.56 ට විස්තාරා ගුවන් සේවයේ යූ.කේ.- 130 දරන ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සීමටයි කටයුතු කෙරුණේ.

එයාර් බස් වර්ගයේ ඒ.- 320 වර්ගයේ මෙම ගුවන් යානය තුළ ගුවන් මගීන් 107 දෙනෙකු සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය 08 දෙනෙකු ගමන් කරමින් සිටියා.

මෙම ගුවන් යානයේ හදිසි ගොඩ බැස්සවීම සඳහා ගිනි නිවීම් රථ, වෛද්‍යවරුන්, හෙදියන්, ගිලන් රථ, බෝම්බ නිශ්ක්‍රීය අංශයේ නිලධාරීන්, ගලවා ගැනීමේ සහ සහන සේවකයින් , පුපුරණ ද්‍රව්‍ය අනාවරණය කර ගැනීමට පුහුණු කළ සුනඛයන්, පුපුරණ ද්‍රව්‍ය කල් තබා හඳුනාගත හැකි ඉලෙක්ට්‍රොනික උපකරණ රැගත් භට පිරිසක් ඇතුළු විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ ධාවන පථය අසළට රැස් කර සිටියා.

විස්තාරා ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමෙන් අනතුරුව , ගුවන් යානය ධාවන පථයේ කෙළවර වෙත රැගෙන ගොස්, පරීක්ෂණ කටයුතු සිදු කෙරුණා.

ප්‍රථමයෙන් ම ගුවන් යානයේ පැමිණි මගීන් සහ කාර්යය මණ්ඩලය පරීක්ෂා කර පිටතට ගත් අතර, පසුව ගුවන් යානයේ ගමන් මළු සඳහා භාණ්ඩ ගබඩා ප්‍රදේශය පරීක්ෂාවට ලක් කෙරුණු බවයි දසත වාර්තාකරු පැවසුවේ.

ඒ අනුව අද සවස 05.00ට පමණ වනවිට මෙම ගුවන් යානයේ සියලුම පරීක්ෂා කිරීම් නිමා කර තිබූ අතර, මෙම ගුවන් යානය තුළ පුපුරන ද්‍රව්‍ය කිසිවක් හමුනොවූ බව ගුවන් තොටුපොළ ප්‍රකාශකවරයෙකු පැවසුවා.

මෙම ගුවන් යානය තුළ ඉකුත් 19 වැනි දින ද බෝම්බ ඇති බවට, කටුනායක ගුවන් තොටුපොළ වෙත තොරතුරු වාර්තා වීමත් සමගම, මේ ආකාරයටම, මෙම ගුවන් යානය පරීක්ෂා කිරීමකට ලක් කළ අතර ඉන්දීය ගුවන් සේවා සමාගම් සියල්ලටම මේ ආකාරයට බෝම්බ තර්ජන එල්ල වෙමින් පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බටලන්දේ අහන්න ඕන අඳුරු මතක - අපි මාර විදිහට දුක් වින්දා මහත්තයෝ
32:04
Video thumbnail
පාර්ලිමේන්තු සජිවී විකාශය - 2025.04.09
09:30:44
Video thumbnail
අනුරපුරම කම්පා කළ අනියම් පෙම - ජීවිතය නැති කරලා පාංශුකූලයත් දීලා
04:01
Video thumbnail
මාලිමාවේ මන්ත්‍රී හැමෝම හඬවා අවසන් ගමන් ගිය හැටි
18:17
Video thumbnail
ඇයි වයසක අපිව මෙහෙම රැවට්ටුවේ - වැඩි කරනවා කියපු අපේ විශ්‍රාම වැටුප කෝ
08:23
Video thumbnail
ගාන්ධිතුමාගේ සරලකම ගැන ඔබ නොදත් කතාව
03:27
Video thumbnail
පිල්ලයාන් ගත්තා කියලා දැනගත්ත ගමන් මිනිස්සු පාරට බැහැලා සතුට සමරපු හැටි
00:19
Video thumbnail
මර්වින්ගේ නඩුවට ආපු පුතා මාලක
00:32
Video thumbnail
මර්වින්ගේ නඩුවට ආපු පුතා මාලක - මර්වින්ගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත්
05:34
Video thumbnail
වසන්ත පාර්ලිමේන්තුව දෙවනත් කරයි - අපි තමයි අපේ රටේ ත්‍ර#තවාදය පරාජය කළේ
20:26

?