Update – මුහුණේ කැපුම් තුවාල සහිතව මියගොස් සිටි කතගේ මරණයට සැමියා අත්අඩංගුවට (වීඩියෝ)

මොරගල්ල, කාලවිලවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවක් කැපුම් තුවාල සහිතව අභිරහස් ලෙස මියයාමේ සිද්ධියට එම කාන්තාවගේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සැකපළ කරන්නේ මරණකාරිය සහ ස්වාමිපුරුෂයා අතර ඇති වූ ආරවුලක දී සැමියා විසින් සිදුකළ පහරදීමකින් මෙම ඝාතනය සිදුවන්නට ඇති බවයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 57 හැවිරිදි වියේ පසු වූ පුද්ගලයෙක්.

47 හැවිරිදි තිදරු මවක් කැපුම් තුවාල සහිතව අභිරහස් ලෙස මියගොස් ඇති බවට ඊයේ (17) රාත්‍රියේ අලුත්ගම පොලිසියට තොරතුරක් වාර්තා වී තිබුණා.

ලක්ෂිකා කුමාරි නැමැති අදාළ කාන්තාව මුහුණේ කැපුම් තුවාල සහිතව නිවසේ වැටී සිටිය දී බේරුවල ප්‍රාදේශීය රෝහලට රැගෙන ගොස් ඇති බවත්, ඒ වනවිටත් ඇය මියගොස් සිටි බවයි පසුව සිදුකළ විමර්ශන වල දී අනවරණය වී ඇත්තේ.

කාන්තාව මෙම සිද්ධියට මුහුණදෙන විට එම නිවසේ ඇයගේ ස්වාමියාපුරුෂයා, පුතෙක් සහ දියණියක් සිට ඇති බවට ද තොරතුරු වාර්තා වී තිබෙනවා.

ඔවුන්ගෙන් පොලිසිය සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී ඔවුන් පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ මව තුවාල සහිතව නිවසේ ඉදිරිපස ප්‍රධාන දොරටුව අසල වැටී සිටිය දී රෝහල් ගත කළ බවයි.

කාන්තාවගේ මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා බේරුවල රෝහලේ තැන්පත්කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34