spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

Update – මුහුණේ කැපුම් තුවාල සහිතව මියගොස් සිටි කතගේ මරණයට සැමියා අත්අඩංගුවට (වීඩියෝ)

මොරගල්ල, කාලවිලවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවක් කැපුම් තුවාල සහිතව අභිරහස් ලෙස මියයාමේ සිද්ධියට එම කාන්තාවගේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සැකපළ කරන්නේ මරණකාරිය සහ ස්වාමිපුරුෂයා අතර ඇති වූ ආරවුලක දී සැමියා විසින් සිදුකළ පහරදීමකින් මෙම ඝාතනය සිදුවන්නට ඇති බවයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 57 හැවිරිදි වියේ පසු වූ පුද්ගලයෙක්.

47 හැවිරිදි තිදරු මවක් කැපුම් තුවාල සහිතව අභිරහස් ලෙස මියගොස් ඇති බවට ඊයේ (17) රාත්‍රියේ අලුත්ගම පොලිසියට තොරතුරක් වාර්තා වී තිබුණා.

ලක්ෂිකා කුමාරි නැමැති අදාළ කාන්තාව මුහුණේ කැපුම් තුවාල සහිතව නිවසේ වැටී සිටිය දී බේරුවල ප්‍රාදේශීය රෝහලට රැගෙන ගොස් ඇති බවත්, ඒ වනවිටත් ඇය මියගොස් සිටි බවයි පසුව සිදුකළ විමර්ශන වල දී අනවරණය වී ඇත්තේ.

කාන්තාව මෙම සිද්ධියට මුහුණදෙන විට එම නිවසේ ඇයගේ ස්වාමියාපුරුෂයා, පුතෙක් සහ දියණියක් සිට ඇති බවට ද තොරතුරු වාර්තා වී තිබෙනවා.

ඔවුන්ගෙන් පොලිසිය සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී ඔවුන් පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ මව තුවාල සහිතව නිවසේ ඉදිරිපස ප්‍රධාන දොරටුව අසල වැටී සිටිය දී රෝහල් ගත කළ බවයි.

කාන්තාවගේ මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා බේරුවල රෝහලේ තැන්පත්කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?