AFC Banner
Empty Ad
Empty Ad

Update – ‘මිදිගම රුවන්’ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට රැගෙන එයි (වීඩියෝ)

ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු මෙන්ම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ ජාවාරම්කරුවෙකු වන 31 හැවිරිදි ජයසේකර විතානගේ රුවන් චාමර නොහොත් ‘මිදිගම රුවන්’ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත රැගෙන ගොස් තිබෙනවා.

කටුනායක ගුවන් තොටුපොළේ දී දැඩි ආරක්ෂක රැකවරණ යටතේ මිදිගම රුවන්ව තොටුපොළෙන් පිටතට ගත බවයි ගුවන් තොටුපොළ අප වාර්තාකරු සඳහන් කළේ.

දැනට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායක නඳුන් චින්තක නොහොත් හරක් කටාගේ මස්සිනා වන ‘මිදිගම රුවන්’ මීට මාස 02කට පමණ පෙර ඩුබායි හි සමාජ ශාලාවක ඇතිකර ගත් ගැටුමක දී එරට ආරක්ෂක අංශ මඟින් අත්අඩංගුවට ගෙන තිබුණා.

ඉන්ටර්පෝල් පොලිසියේ රතු නිවේදන ලැයිස්තුවේ සදහන් අපරාධකරුවෙක් වන ‘මිදිගම රුවන්’ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (31) අලුයම මෙරටට රැගෙන ආවා.

ඒ, අද (31) අලුයම 05.45ට ඩුබායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 226 දරණ ගුවන් යානයෙන්.

20240531 065714 2 scaled
20240531 065929 2 scaled
20240531 0657220 2 scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?