Update – ‘මිදිගම රුවන්’ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට රැගෙන එයි (වීඩියෝ)

ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු මෙන්ම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ ජාවාරම්කරුවෙකු වන 31 හැවිරිදි ජයසේකර විතානගේ රුවන් චාමර නොහොත් ‘මිදිගම රුවන්’ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත රැගෙන ගොස් තිබෙනවා.

කටුනායක ගුවන් තොටුපොළේ දී දැඩි ආරක්ෂක රැකවරණ යටතේ මිදිගම රුවන්ව තොටුපොළෙන් පිටතට ගත බවයි ගුවන් තොටුපොළ අප වාර්තාකරු සඳහන් කළේ.

දැනට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායක නඳුන් චින්තක නොහොත් හරක් කටාගේ මස්සිනා වන ‘මිදිගම රුවන්’ මීට මාස 02කට පමණ පෙර ඩුබායි හි සමාජ ශාලාවක ඇතිකර ගත් ගැටුමක දී එරට ආරක්ෂක අංශ මඟින් අත්අඩංගුවට ගෙන තිබුණා.

ඉන්ටර්පෝල් පොලිසියේ රතු නිවේදන ලැයිස්තුවේ සදහන් අපරාධකරුවෙක් වන ‘මිදිගම රුවන්’ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (31) අලුයම මෙරටට රැගෙන ආවා.

ඒ, අද (31) අලුයම 05.45ට ඩුබායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 226 දරණ ගුවන් යානයෙන්.

20240531 065714 2 scaled
20240531 065929 2 scaled
20240531 0657220 2 scaled


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටම එකට කිව්වට පොලිසිය එකට නෑ - මෙච්චර ඇල්ලුවත් මහපොළොවේ අයිස් තියෙන්නේ ඇයි ?
07:16
Video thumbnail
හිටපු ඇමතිත් ඉන්න ඇමතිත් කරන කතාවකින්ම සූර්ය විදුලිබලය බිඳ වැටෙනවා - පද්ධතිය සම්පූර්ණයෙන් බිඳවට්ටලා
07:16
Video thumbnail
විපක්ෂ නායක සහ ICRC නියෝජිත ප්‍රධානීන් අතර විශේෂ හමුවක්
00:38
Video thumbnail
සූර්ය බලශක්තියට ඇතිවෙලා තියෙන චැලේන්ජ් එක ගැන හෙළිකරයි - නිකන් තියෙන වහල - ජනතාවට සල්ලි යනවා
17:27
Video thumbnail
තංගල්ලේ තැපැල් සේවකයන් අණබෙර වයමින් නගරයේ කරපු දේ - තැපැල් පෙට්ටි උස්සගෙන
01:15
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි - "නම්බර් ප්ලේට් එක වෙනස් කරලා..හද හද ඉදලා"
02:58
Video thumbnail
අහුන්ගල්ලේ නිවසක් රත් කළ වෙ#ල්ල - වෙ# වැදීමෙන් පුද්ගලයෙකුට තුවාල
00:55
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57