Update – බාලවයස්කාරිය ඇදවැටී ඇත්තේ නෙළුම් කුලුණේ 29 වැනි මහලෙන් පහතට – පොලිසිය (වීඩියෝ)

අද (07) පස්වරුවේ කොළඹ නෙලුම් කුලුණ පරිශ්‍රයෙන් ඇද වැටුණා යැයි සැක කෙරෙන ගැහැනු දැරිවිය වයස අවුරුදු 16-18ත් අතරේ පසුවන බාලවයස්කාරියක් බවට පොලිසිය පවසනවා.

මරදාන පොලිස් ස්ථානාධිපතිවරයා පැවසුවේ; මෙම දැරිවිය බිමට වැටුණා ද නැතහොත් එය සියදිවි හානිකරගැනීමක් දැයි මෙතෙක් අනාවරණය වී නොමැති බවයි.

මරණකාරිය තනිවම නෙළුම් කුලුණ වෙත පාට ඇඳුමින් සැරසී පැමිණ තිබෙනවා.

ඇයගේ බෑගයෙහි තිබී ජංගම දූරකථනයක් සොයා ගැනුණ ද, එය විසන්ධි කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

එමෙන්ම ඇය නෙළුම් කුලුණේ 29 වැනි මහලේ නැරඹුම් මැදිරියේ සිට ඇති බවත්; ඇයගේ සිරුර 03 වැනි මහලේ තිබී සොයාගත් බවත් අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවා.

කෙසේවෙතත් මරදාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් එම ස්ථානයට පැමිණ වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදු කරන අතර; මරණකාරිය කොළඹ ජාත්‍යන්තර පාසලක 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන රාද්‍යා ගුණසේකර නමැති කොල්ලුපිටියේ පදිංචිව සිටි සිසුවියක් බවටත් අනාවරණය වී තිබෙනවා.

වැඩිදුර විමර්ශන මරදාන පොලිස් ස්ථානය මගින් සිදුකරමින් පවතී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
3
+1
0
+1
2
+1
37
+1
2
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බටලන්දේ අහන්න ඕන අඳුරු මතක - අපි මාර විදිහට දුක් වින්දා මහත්තයෝ
32:04
Video thumbnail
පාර්ලිමේන්තු සජිවී විකාශය - 2025.04.09
09:30:44
Video thumbnail
අනුරපුරම කම්පා කළ අනියම් පෙම - ජීවිතය නැති කරලා පාංශුකූලයත් දීලා
04:01
Video thumbnail
මාලිමාවේ මන්ත්‍රී හැමෝම හඬවා අවසන් ගමන් ගිය හැටි
18:17
Video thumbnail
ඇයි වයසක අපිව මෙහෙම රැවට්ටුවේ - වැඩි කරනවා කියපු අපේ විශ්‍රාම වැටුප කෝ
08:23
Video thumbnail
ගාන්ධිතුමාගේ සරලකම ගැන ඔබ නොදත් කතාව
03:27
Video thumbnail
පිල්ලයාන් ගත්තා කියලා දැනගත්ත ගමන් මිනිස්සු පාරට බැහැලා සතුට සමරපු හැටි
00:19
Video thumbnail
මර්වින්ගේ නඩුවට ආපු පුතා මාලක
00:32
Video thumbnail
මර්වින්ගේ නඩුවට ආපු පුතා මාලක - මර්වින්ගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත්
05:34
Video thumbnail
වසන්ත පාර්ලිමේන්තුව දෙවනත් කරයි - අපි තමයි අපේ රටේ ත්‍ර#තවාදය පරාජය කළේ
20:26

?