Update – පාප් වහන්සේගේ දේහය රෝමයේ සැන්ටා මාරියා මැගියෝර් දේවස්ථානයර රැගෙන එයි (වීඩියෝ)

ස්වර්ගස්ථ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය රැගත් රිය පෙරහැර මේ වනවිට රෝමයේ සැන්ටා මාරියා මැගියෝර් දේවස්ථානය වෙත ළඟා වී තිබෙනවා.

දේහය රැගත් පෙරහැර වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ සිට රෝමයේ සැන්ටා මාරියා මැගියෝර් දේවස්ථානය වෙත පැමිණෙන මඟ දෙපස පාප් වහන්සේට සමුදීමට විශාල පිරිසක් රැස්ව සිටි ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ස්වර්ගස්ථ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්තට අනුව උන්වහන්සේගේ දේහය රෝමයේ සැන්ටා මාරියා මැගියෝර් දේවස්ථානයේ භූමදානය කිරීමට නියමිතයි.

මෙම භූමදාන කටයුතු මහජනතාව වෙනුවෙන් විවෘත නොකිරීමටයි තීරණය කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?