Update – නාවික හමුදා වික්‍රමයෙන් දිවි බේරූ දිනේෂ් 01 යාත්‍රාවේ සිර වී සිටි ධීවරයා ගොඩබිමට (ඡායාරූප)

වාණිජ නෞකාවක ගැටී අනතුරට ලක්වූ දිනේෂ් 01 ධීවර යාත්‍රාව තුළ සිර වී සිටිය දී නාවික හමුදාව විසින් බේරාගත් ධීවරයා අද (27) පස්වරුවේ ගොඩබිමට රැගෙන විත් තිබෙනවා.

නාවික හමුදාව විසින් ගාල්ල ධීවර වරාය වෙත රැගෙන ආ එම ධීවරයා කරාපිටිය රෝහල වෙත ඇතුළත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

නාවික හමුදාව විසින් පැය ගණනාවක් සිදුකළ විශේෂ මෙහෙයුමකින් අනතුරුවයි ධීවර යාත්‍රාව තුළ සිර වී සිටි මෙම ධීවරයා බේරා ගැනුණේ.

මාතර, දෙවුන්දර ධීවර වරායෙන් මුහුදු ගොස් සිටිය දී දිනේෂ් 01 ධීවර යාත්‍රාවේ වාණිජ නෞකාවක් ගැටීමෙන් ඊයේ (27) රාත්‍රියේ අනතුරට ලක්ව තිබුණා.

අනතුර සිදුව අවස්ථාවේ දී එහි ධීවරන් 05 දෙනෙකු සිට ඇති අතර, ඉන් දෙදෙනෙකු මේ වනවිට දිවි බේරාගැනීමට සමත්ව තිබෙනවා.

මෙම අනතුරින් තවත් ධීවරයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වූ අතර, තවත් ධීවරයෙක් අතුරුදන්ව සිටිනවා.

අතුරුදන්ව සිටින ධීවරයා සොයා නාවික හමුදාව තවමත් මෙහෙයුම් ක්‍රියාත්මක කරනවා.

2 3
3 2
4 1
5 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?