Update – නවගමුව – කොරතොට වෙඩි තැබීම ගැන තවත් තොරතුරු රැසක් හෙළිවෙයි (වීඩියෝ)

නවගමුව, කොරතොට, මැණිකාගාර පාර ප්‍රදේශයේ දී ඊයේ (01) රාත්‍රියේ පුද්ගලයින් තිදෙනෙක් ඉලක්ක කර සිදුකළ වෙඩි තැබීමේ සිද්ධියේ කරුණු රැසක් අනාවරණය කර ගැනීමට පොලිසියට හැකිව තිබෙනවා.

පොලිසිය සිදුකළ මූලික විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ අදාළ වෙඩි ප්‍රහාරය එල්ල වී ඇත්තේ කුලී පදනම මත ලබාගත් නිවසක සිටි පුද්ගලයින් තිදෙනෙකුට බවයි.

යතුරුපැදියකින් සහ ත්‍රීරෝද රථයකින් පැමිණි පුද්ගලයින් පිරිසක් විසින් මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් තිබුණා.

වෙඩි ප්‍රහාරය එල්ල වූ ස්ථානයේදීම එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, මියගිය පුද්ගලයා අවුරුදු 20ක බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

එමෙන්ම වෙඩි වැදීමෙන් අනෙක් පුද්ගලයින් දෙදෙනා තුවාල ලබා ඇති අතර, ඔවුන් අතුරුගිරිය ඔරුවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා හෝමගම මූලික රෝහලට මාරුකර යැවීමට පියවර ගෙන තිබුණා.

තුවාල ලැබූ දෙදෙනා අම්බලන්තොට වාඩියගොඩ සහ දෙමටගොඩ, ගැවලමුල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය පැවසුවේ.

තුවාල ලැබූ දෙදෙනාගෙන් එක් අයෙකුගේ ශරීරයේ උණ්ඩ 04ක් සහ අනෙක් පුද්ගලයාගේ ශරීරයේ එක් උණ්ඩයක් ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

මේ අතර වෙඩි තැබීම සිදු වූ ස්ථානයේ තිබී මිලිමීටර් නවය වර්ගයේ උණ්ඩ කොපු 15ක් හමු වූ බවද පොලිසිය සඳහන් කරනවා.

ඊයේ (01) රාත්‍රී 9.30 ත් 10.00ත් අතර කාලයේදී මෙම වෙඩිතැබීම සිදුව ඇති අතර, වෙඩි ප්‍රහාරයට ලක්වූ තිදෙනා නව වසර උදාවීම නිමිත්තෙන් මත්පැන් සාදයක් පවත්වන අතරතුරදීයි මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, මෙය පාතාල කණ්ඩායම් දෙකක් අතර පවතින ගැටුමක ප්‍රතිඵලයක් බවට පොලීසිය සැකකරනවා.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නවගමුව පොලිසිය සහ නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03