Update – දුන්හිඳ බස් අනතුරින් රෝහල් ගතකළ කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතළයි – සිසුවියන් 02ක් ජීවිතක්ෂයට

බදුල්ල – මහියංගන ප්‍රධාන මාර්ගයේ අඹගස්ඔය ප්‍රදේශයේ දී (දුන්හිඳ ප්‍රවේශ මාර්ගයට නුදුරින්) අද (01) උදෑසන බස් රථයක් පෙරළී ගොස් දරුණු අනතුරක් සිදුවුණා.

උදෑසන 7.45ට පමණ සිදු වූ මෙම අනතුරින් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සිසුවියන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තවත් 35 දෙනෙක් තුවාල ලබා තිබෙනවා.

තුවාල ලැබූවන් සියලුම දෙනා බදුල්ල මහ රෝහල වෙත ඇතුළත් කිරීමටයි කටයුතු කර තිබුණේ.

අනතුර සිදුව අවස්ථාවේ දී ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ දක්ෂිණ මණ්ඩපයේ සිදු සිසුවියක් 37 දෙනෙක් ඇතුළු 41 දෙනෙකු බස් රථය තුළ සිට ඇති බවයි පොලිසිය පැවසුවේ.

රෝහල් ගත කර සිටින සිසු සිසුවියන්ගෙන් කීපනෙනෙකු බරපතල තත්වයේ සිටින බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

මෙම පිරිස අධ්‍යන චාරිකාවක් සඳහා පස්සර ප්‍රදේශයට ඊයේ (31) පැමිණ තිබූ අතර, අද (01) ඔවුන් කුරුණෑගල බලා ගමන් කරමින් සිටිය දී මම අනතුරට මුහුණ පා ඇති බවයි වාර්තා වුණේ.

ආරක්ෂක නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව බැකෝ යන්ත්‍ර ආධාරයෙන් මහත් පරිශ්‍රමයක් දරා පෙරළී ගිය බස් රථය යළි කෙලින් කිරීමට කටයුතු කළ බවයි වාර්තාකරු සඳහන් කළේ.

බදුල්ල නියෝජ්‍ය පොලිස්පති සුජිත් වෙදමුල්ලගේ උපදෙස් මත බදුල්ල පොලීසිය අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනු ලබනවා.

464591990 856511576640289 5821741397925787984 n
465223288 856512556640191 61240316386496383 n
464807535 856511519973628 1978218600304578498 n
464312704 856512529973527 2396120694398082276 n
465029970 856512506640196 8515750668189212182 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
1
+1
1
+1
21
+1
5
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?