Empty Ad
AFC Banner
Empty Ad

Update – දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට විදුලි සැපයුම යථා තත්ත්වයට

අද (09) පෙරවරුවේ දිවයිනටම බලපෑ හදිසි විදුලිය බිඳ වැටීම යථාවත් කරමින් පවතින බව බලශක්ති අමාත්‍යංශය සඳහන් කරනවා.

ඒ, අනුව දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට විදුලි සැපයුම මේ වන විට යථා තත්ත්වයට පතකර ඇති බවයි එම අමාත්‍යංශය සඳහන් කළේ.

ලංකා විදුලිබල මණ්ඩලයට අයත් පානදුර ග්‍රිඩ් උපපොළේ ඇතිවූ හදිසි තත්ත්වයක් හේතුවෙන් දිවයින පුරා විදුලි බිඳ වැටුණා.

බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි සඳහන් කළේ පානදුර ග්‍රිඩ් උපපොළ ආශ්‍රිත පද්ධතියේ ට්‍රාන්ස්ෆෝමරයකට වඳුරෙක් වැටීම හේතුවෙන් එහි හදිසි තත්ත්වය ඇති වූ බවයි.

මෙම හදිසි විදුලිය බිඳ වැටීම හේතුවෙන් මහජනතාවගේ දෛනික කටයුතුවලට එල්ල වුණේ දැඩි බලපෑමක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?