Update – ගුරුනගර් බෝට්ටු අනතුරින් දෙදෙනෙක් මරුට, තවත් දෙදෙනෙක් අතුරුදන්

යාපනය – ගුරුනගර් තොටුපොළ ආසන්නයේ දී අද (06) පෙරවරුවේ බෝට්ටුවක් පෙරළී සිදුවූ අනතුරින් පුද්ගලයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා.

බෝට්ටුවේ සිටි තවත් පුද්ගලයින් දෙදෙනෙක් තවමත් අතුරුදන්ව ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

අනතුරට ලක්වූ බෝට්ටුවේ සිටි පුද්ගලයින් 23 දෙනෙකු බේරාගැනීමට හැකිව ඇති අතර, ඉන් පුද්ගලයින් 13 දෙනෙක් ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර ඇති බවයි වාර්තා වුණේ.

ගුරුනගර් තොටුපොළට මීටර් 50ක් පමණ ආසන්නයේ දී මෙම බෝට්ටුව පෙරළී ගොස් ඇති අතර, පාලතිව් දේවස්ථානයේ පැවති උත්සවයක් සඳහා වන්දනාකරුවන් පිරිසක් රැගෙන යමින් සිටිය දී බෝට්ටුව මෙම අනතුරට ලක්ව තිබෙනවා.

බෝට්ටුව පෙරළී යෑමට නිශ්චිත හේතුවක් තවමත් අනාවරණය වී නොමැති අතර, පොලිසිය සැකපළ කරන්නේ මගී ධාරිතාව අධිකවීම හේතුවෙන් බෝට්ටුව පෙරළී යන්නට ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !