Update – ගල්කිස්ස වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මරුට (වීඩියෝ)

ගල්කිස්ස, සිරිපාල මාවත ප්‍රදේශයේ අද (19) සිදුකළ වෙඩි තැබීමෙන් තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කළ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ සවිඳු තරිඳු නැමැති වයස අවුරුදු 24ක බඩෝවිට ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

පාතාල කල්ලි සාමාජිකයින් දෙදෙනෙක් අතර පවතින ආරවුලක් මත මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් තිබෙනවා.

කෙසේ වෙතත් වෙඩි තැබීමට පැමිණි වෙඩික්කරු වෙඩි තැබීමටයොදාගත් මිලි මීටර් 09 වර්ගයේ ගිනි අවිය ද සමඟ අද (19) දහවල් දෙහිවල, කවුඩාන ප්‍රදේශයේ දී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරු වයස අවුරුදු 47ක අයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම සැකකරු මීට පෙරද මනුෂ ඝාතනයකට සැකකරු වී සිටින තැනැත්තෙක් බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37
Video thumbnail
විපතට පත්වූවන්ට පිහිටවෙන්න "අප්පච්චි" එයි.."අප්පච්චි බුදුවෙන්න ඕනේ මිහිපිටට දිව්‍ය පුත්‍රයෙක්"
06:42
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.19
00:00


?