Empty Ad
AFC Banner
Empty Ad

Update – කීත් නොයාර් පැහැරගත් සිද්ධියට ඇල්ලූ හිටපු බුද්ධි අංශ සාමාජිකයින් දෙදෙනාට ඇප

මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් යුද හමුදා හිටපු බුද්ධි අංශ සෙබළුන් දෙදෙනා ඇප මත මුදාහැරීමට නියෝග කර තිබෙනවා.

ඒ, අදාළ සැකකරුවන් දෙදෙනා අද (02) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය නිකුත්කර ඇත්තේ.

2008.05.22 දිනයේ දී දෙහිවල, වෛද්‍ය පාර ප්‍රදේශයේ දී මාධ්‍යවේදී කීත් නොයර් වෑන් රථයකින් පැහැරගෙන ගොස් පහරදීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ඊයේ (01) අත්අඩංගුවට ගෙන තිබුණා.

නවගත්තේගම සහ ඇලයාපත්තුව යන ප්‍රදේශවල දී මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනුණු අතර ඔවුන් දෙදෙනා යුද හමුදා බුද්ධි අංශයට අනුයුක්තව සිටි විශ්‍රාමික සෙබළුන් දෙදෙනෙක් බවයි අනාවරණය වුණේ.

සැකකරුවන් දෙදෙනා අවුරුදු 42 සහ 46 යන වයස්වල පසුවන නවගත්තේගම සහ උලුක්කුලම යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?