Update – කළුතර සිසුවියගේ අභිරහස් මරණයට සොයන තරුණයා පළාගිය මෝටර් රථය සොයාගැනේ

කළුතර ප්‍රදේශයේ තාවකාලික ලැඟුම්හලක තෙවන මහළින් වැටී අභිරහස් ලෙස මියයාමේ සිද්ධියට සම්බන්ධයෙන් මේ වන විට පොලිසිය සොයමින් සිටින තරුණයා පළාගිය මෝටර් රථය සොයා ගැනීමට හැකි වූ බව කළුතර දකුණ පොලිසිය පවසනවා.

ටොයෝටා ඇක්වා වර්ගයේ සුදු පැහැති අදාළ මෝටර් රථය කළුතර, පලාතොට ප්‍රදේශයේ සඟවා තිබිය දීයි පොලිසිය විසින් සොයාගෙන ඇත්තේ.

අදාළ මෝටර් රථයේ රියදුරු අද (08) දින පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අතර, පසුව ඔහු සහ අනෙකුත් සැකකරුවන් දෙදෙනා කළුතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉරිදිපත් කිරීමෙන් පසු ලබන 15 වනදා දක්වා රිමාන්ඩ් භාරයට පත් කළා.

අත්අඩංගුවට ගැනුණු මොටර් රථයේ රියදුරු පොලිසිය හමුවේ පවසා ඇත්තේ පළාගිය තරුණයා බණ්ඩාරගම – ගැලණිගම දක්ෂිණ අධිවේගී පිවිසුම අසලට ගමන්කර එහි මෝටර් රථය දමා යාමෙන් පසු රථය රැගෙන පැමිණි බවයි.

අභිරහස් ලෙස මියගිය 16 හැවිරිදි සිසුවියගේ පශ්චාත් මරණ පරීක්ෂණය සහකාර අධිකරණ වෛද්‍ය නිළධාරී ඩී.කේ. වෙනුරජිත් විසින් ඊයේ (07) සිදුකරනු ලැබුවා.

එහිදී සිසුවියගේ මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබාදී ඇති අතර, ශරීර කොටස් සහ රුධිර සාම්පල් රජයේ රස පරීක්ෂක සහ වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යොමුකර ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර ශරීරය පරීක්ෂා කිරීමේදී දැරියගේ දකුණු පාදයේ සහ වම් පියයුරේ දත් පහරවල් නිරීක්ෂණය වී ඇතැයි ද සදහන්.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය මේ වනවිට සොයමින් සිටින තරුණයා ගාල්ල , පානදුර සහ කළුතර ප්‍රදේශවල පදිංචි ව්‍යාපාරිකයකු බවත් ඔහු අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බවත් පොලිසිය පවසනවා.

අදාළ පාසල් සිසුවිය තවත් තරුණයින් දෙදෙනෙකු සහ තරුණියක් සමඟ කළුතර ප්‍රදේශයේ අදාළ ලැඟුම්හලට පෙරේදා (06) පස්වරු 6.30ට පමණ පැමිණ තිබෙනවා.

එහි නවාතැන් ගත් ඔවුන් එක් කාමරයක සිට මත්පැන් පානය කර ඇති බව එහි සේවකයන් දැක ඇති බවයි වාර්තා වුණේ.

පසුව එහි සිටි එක් තරුණයක් සහ තරුණියක් හෝටලයෙන් පිටව ගොස් ඇති අතර, ඉන් පැය භාගයකට පමණ පසු අනෙක් තරුණයා කළබලයෙන් හෝටලයෙන් නික්ම ගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

පසුව අදාළ ලැඟුම්හලට පැමිණි වෙනත් අයෙකු ඊට යාබද දුම්රිය මාර්ගයේ තරුණියක් නිරුවතින් වැටී සිටින බවට එහි කාර්ය මණ්ඩලයට පවසා තිබෙනවා.

අනතුරුව පොලිසිය අදාළ ස්ථානයට පැමිණි ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කරනු ලැබුවා.

එම විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණ වී තිබුණේ මියගිය සිසුවියට ලැඟුම්හලට පිවිසිමට බාධාවක් වන බැවින් වෙනත් අයෙකුගේ ජාතික හැඳුනුම්පතක් භාවිත කර ඊට ඇතුළු වී ඇති බවයි.

අවසානයේ හදිසියේ හෝටලයෙන් පිටව ගිය තරුණයා ඊට පෙර එම ස්ථානයෙන් පිටව ගිය තරුණයාට සහ තරුණියට ඇමතුමක් ලබාදී ඔවුන් පැමිණීමෙන් අනතුරුව පොලිසිය විසින් අද සොයාගත් මෝටර් රථයේ නැඟී පිටව ගොස් ඇති බව අනාවරණ වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
11
+1
38
+1
25
+1
9
+1
95
+1
25
+1
37
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති මහින්ද, ගෝඨාභය, මහින්ද විජේසේකරට සමුදෙන්න පැමිණෙයි..මහින්ද දැක්ක ගමන් ඔක්කොම වඳියි
01:15
Video thumbnail
මහ රෑ අලි ප්‍ර#රයකින් පස්දරු පියෙක් එතනම එළොව ගිහින්..බිරිඳ හැඩූ කඳුලින් වෙච්ච දේ හෙළිකරයි
06:10
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට කට උත්තර නැති වෙන්නම කියයි..අම්මටහුඩු අම්මලා හිතුවේ බඩුමිල අඩුවෙයි
05:40
Video thumbnail
දිය නෑමට ගිය පාසල් සිසුවෙක් දියට වැ# අතුරුදහන්.."තියෙනවද බොඩිය..හොයාගන්න බෑ ඇතුළේ"
01:13
Video thumbnail
කාසල්රි ජලාශ‍යේ ලොකුම දූපතේ හදිසියේම ඇතිවූ ගින්න
00:24
Video thumbnail
මහින්දට සමුදෙන්න සජිත් ප්‍රේමදාසත් එයි..කට්ටිය වටවෙලා ලොකු කතාවක්
01:06
Video thumbnail
අවු:7කට උඩදි වුණ පාස්කු සිද්ධිය නිසා අපේ වින්දිතයින් තාම දුක් විදිනවා..කෑමොර දීලා සාධාරණය ඉල්ලන්නේ
02:49
Video thumbnail
නලින්ද හර්ෂද ඇතුළු කට්ටියටම ප්‍රශංසා කරලා කිව්ව දේ..රටේ Brand එකක් විදියට ලෝකයට අරන් යමු
07:17
Video thumbnail
1990 ටීෂර්ට් එකක් ඇදගෙන බස් එකෙන් බැස්සම කඩේ මුදලාලි සල්ලි ගන්නේ නෑ..හර්ෂද සිල්වා කිව්ව සුපිරි කතාව
01:56
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙල්ලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29