UPDATE- ඊශ්‍රායලයට ඉරානයෙන් බැලස්ටික් මිසයිල ප්‍රහාර 180ක් – අමෙරිකාවේ සහාය නෙතන්යාහුට(වීඩියෝ)

ඉරානය විසින් ඊශ්‍රායලයට බැලස්ටික් මිසයිල 180කට වඩා වැඩි ගණනක් මේ වනවිට එල්ල කර ඇති බව වාර්තා වනවා.

timesofisrael වෙබ් අඩවිය වාර්තා කළේ; අද අලුයම 03ට පමණ නොනවතින මිසයිල ප්‍රහාර ඉරානය මගින් ඊශ්‍රායලයේ හමුදා කඳවුරු ඉලක්ක කරගනිමින් එල්ල වන බවයි.

කෙසේවෙතත් අදාළ ප්‍රහාර සඳහා වහාම වන්දි ගෙවීමට සූදානම් වන ලෙසට ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ඉරානයට අනතුරු අඟවා තිබෙනවා.

එමෙන්ම ඉරානයේ මෙම ක්‍රියාවට එරෙහිව අමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටනයෙන් නිවේදනය කර ඇත්තේ ඊශ්‍රායලය වෙනුවෙන් ඔවුන් උපරිම සහාය පළ කරන බවයි.

ඊයේ එල්ල කළ ප්‍රහාරය සඳහා ඉරානය “දරුණු ප්‍රතිවිපාකවලට” මුහුණදෙන බවට සහතික කර ගැනීම සඳහා දිගුකාලීන මිත්‍ර ඊශ්‍රායලය සමඟ කටයුතු කිරීමට අමෙරිකාව සූදානම් බව ද එහි වැඩිදුරටත් සඳහන්.

මේ වනවිට මැදපෙරදිග තත්ත්වය තුන්වැනි ලෝක යුද්ධයක් දක්වා ඇවිළී ගොස් ඇති බවයි බොහෝ විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය අද මැදපෙරදිග තත්ත්වය පිළිබඳ රැස්වීමක්
පැවැත්වීමර සැලසුම් කර ඇති අතර යුරෝපා සංගමය වහාම සටන් විරාමයක් ඉල්ලා සිටිනවා.

ඊශ්‍රායල් පාලන තන්ත්‍රය තවදුරටත් ප්‍රතිප්‍රහාරවලට ආරාධනා කිරීමට තීරණය නොකළහොත් අපගේ ක්‍රියාමාර්ගය අවසන් වේ. එම තත්ත්වය තුළ අපගේ ප්‍රතිචාරය වඩාත් ශක්තිමත් සහ බලවත් වනු ඇත,” ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරක්චි අද උදෑසන X හි පළ කරමින් කියා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34