UPDATE- ඊශ්‍රායලයට ඉරානයෙන් බැලස්ටික් මිසයිල ප්‍රහාර 180ක් – අමෙරිකාවේ සහාය නෙතන්යාහුට(වීඩියෝ)

ඉරානය විසින් ඊශ්‍රායලයට බැලස්ටික් මිසයිල 180කට වඩා වැඩි ගණනක් මේ වනවිට එල්ල කර ඇති බව වාර්තා වනවා.

timesofisrael වෙබ් අඩවිය වාර්තා කළේ; අද අලුයම 03ට පමණ නොනවතින මිසයිල ප්‍රහාර ඉරානය මගින් ඊශ්‍රායලයේ හමුදා කඳවුරු ඉලක්ක කරගනිමින් එල්ල වන බවයි.

කෙසේවෙතත් අදාළ ප්‍රහාර සඳහා වහාම වන්දි ගෙවීමට සූදානම් වන ලෙසට ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ඉරානයට අනතුරු අඟවා තිබෙනවා.

එමෙන්ම ඉරානයේ මෙම ක්‍රියාවට එරෙහිව අමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටනයෙන් නිවේදනය කර ඇත්තේ ඊශ්‍රායලය වෙනුවෙන් ඔවුන් උපරිම සහාය පළ කරන බවයි.

ඊයේ එල්ල කළ ප්‍රහාරය සඳහා ඉරානය “දරුණු ප්‍රතිවිපාකවලට” මුහුණදෙන බවට සහතික කර ගැනීම සඳහා දිගුකාලීන මිත්‍ර ඊශ්‍රායලය සමඟ කටයුතු කිරීමට අමෙරිකාව සූදානම් බව ද එහි වැඩිදුරටත් සඳහන්.

මේ වනවිට මැදපෙරදිග තත්ත්වය තුන්වැනි ලෝක යුද්ධයක් දක්වා ඇවිළී ගොස් ඇති බවයි බොහෝ විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය අද මැදපෙරදිග තත්ත්වය පිළිබඳ රැස්වීමක්
පැවැත්වීමර සැලසුම් කර ඇති අතර යුරෝපා සංගමය වහාම සටන් විරාමයක් ඉල්ලා සිටිනවා.

ඊශ්‍රායල් පාලන තන්ත්‍රය තවදුරටත් ප්‍රතිප්‍රහාරවලට ආරාධනා කිරීමට තීරණය නොකළහොත් අපගේ ක්‍රියාමාර්ගය අවසන් වේ. එම තත්ත්වය තුළ අපගේ ප්‍රතිචාරය වඩාත් ශක්තිමත් සහ බලවත් වනු ඇත,” ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරක්චි අද උදෑසන X හි පළ කරමින් කියා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?