UPDATE- ඊශ්‍රායලයට ඉරානයෙන් බැලස්ටික් මිසයිල ප්‍රහාර 180ක් – අමෙරිකාවේ සහාය නෙතන්යාහුට(වීඩියෝ)

ඉරානය විසින් ඊශ්‍රායලයට බැලස්ටික් මිසයිල 180කට වඩා වැඩි ගණනක් මේ වනවිට එල්ල කර ඇති බව වාර්තා වනවා.

timesofisrael වෙබ් අඩවිය වාර්තා කළේ; අද අලුයම 03ට පමණ නොනවතින මිසයිල ප්‍රහාර ඉරානය මගින් ඊශ්‍රායලයේ හමුදා කඳවුරු ඉලක්ක කරගනිමින් එල්ල වන බවයි.

කෙසේවෙතත් අදාළ ප්‍රහාර සඳහා වහාම වන්දි ගෙවීමට සූදානම් වන ලෙසට ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ඉරානයට අනතුරු අඟවා තිබෙනවා.

එමෙන්ම ඉරානයේ මෙම ක්‍රියාවට එරෙහිව අමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටනයෙන් නිවේදනය කර ඇත්තේ ඊශ්‍රායලය වෙනුවෙන් ඔවුන් උපරිම සහාය පළ කරන බවයි.

ඊයේ එල්ල කළ ප්‍රහාරය සඳහා ඉරානය “දරුණු ප්‍රතිවිපාකවලට” මුහුණදෙන බවට සහතික කර ගැනීම සඳහා දිගුකාලීන මිත්‍ර ඊශ්‍රායලය සමඟ කටයුතු කිරීමට අමෙරිකාව සූදානම් බව ද එහි වැඩිදුරටත් සඳහන්.

මේ වනවිට මැදපෙරදිග තත්ත්වය තුන්වැනි ලෝක යුද්ධයක් දක්වා ඇවිළී ගොස් ඇති බවයි බොහෝ විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය අද මැදපෙරදිග තත්ත්වය පිළිබඳ රැස්වීමක්
පැවැත්වීමර සැලසුම් කර ඇති අතර යුරෝපා සංගමය වහාම සටන් විරාමයක් ඉල්ලා සිටිනවා.

“ඊශ්‍රායල් පාලන තන්ත්‍රය තවදුරටත් ප්‍රතිප්‍රහාරවලට ආරාධනා කිරීමට තීරණය නොකළහොත් අපගේ ක්‍රියාමාර්ගය අවසන් වේ. එම තත්ත්වය තුළ අපගේ ප්‍රතිචාරය වඩාත් ශක්තිමත් සහ බලවත් වනු ඇත,” ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරක්චි අද උදෑසන X හි පළ කරමින් කියා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32