Update – ඇල්ල බස් අනතුරින් මියගිය අය අතර තංගල්ල නගර සභාවේ ලේකම් ඇතුළු කාර්ය මණ්ඩලයේ 12ක් (වීඩියෝ)

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ 24 කණුව ප්‍රදේශයේ ආසන්නයේ ඊයේ සිදු වූ බස් රථ අනතුරින් මියගිය පිරිස අතර, තංගල්ල නගර සභාවේ ලේකම් ටී.ඩබ්ලිව්.කේ රූපසේන ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයින් 12 දෙනෙකු සිටින බව වාර්තා වනවා.

ඊයේ (04) රාත්‍රි 9.20ට පමණ සිදු වූ මෙම අනතුරින් පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව වුණා.

අනතුරින් තුවාල ලැබූ 18 දෙනෙකු බදුල්ල ශික්ෂණ රෝහල, බණ්ඩාරවෙල සහ දියතලාව යන රෝහල්වලට ඇතුළත් කර තිබෙනවා.

තංගල්ල නගරසභා සේවකයින් පිරිසක් රැගත් බස් රථයක් විනෝද චාරිකාවක ගොස් නැවත පැමිණෙමින් සිටිය දී මෙම අනතුරට මුහුණ පා තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
2
+1
19
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?