Update – අම්බලන්ගොඩ වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය සොයාගැනේ

අද (04) පෙරවරුවේ අම්බලන්ගොඩ නගරසභාව ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමට වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

කරන්දෙණිය, මහඒදණ්ඩ ප්‍රදේශයේ දමාගොස් තිබිය දී මෙම මෝටර් රථය සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබු පුද්ගලයෙක් බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත් වූ බවයි පොලිසිය සදහන් කළේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබුණේ මිරංග වරුෂවිතාන නැමති අම්බලන්ගොඩ, පොරඹ ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි අයෙක්.

බහුදින ධීවර යාත්‍රා හිමිකරුවෙක් වන මෙම පුද්ගලයා අපරාධ කල්ලි සාමාජික කරන්දෙණිය සුද්දා නැමැත්තාගේ ඥාතියකු (මස්සිනා) බවට ද තොරතුරු වාර්තා වනවා.

මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් විමර්ශන කණ්ඩායම් හතරක් ඔස්සේ පරීක්ෂණ සිදුකරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?