දෙවුන්දර ධීවර වරායෙන් සහ මොරගල්ල ප්‍රදේශයෙන් මුහුදු ගොස් අනතුරට ලක් වූ ධීවර යාත්‍රා දෙකේ සිටින ධීවරයින් මුදාගැනීම සඳහා බෙල් 412 හෙළිකොප්ටර් යානක් සහ වයි 12 ගුවන් යානාවක් යෙදවීමට ගුවන් හමුදාවට ආරක්ෂක ලේකම්වරයා විසින් උපදෙස් ලබාදී තිබෙනවා.
දෙවුන්දර ධීවර වරායෙන් ඊයේ (27) සවස ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය ධීවර යාත්‍රාවක වාණිජ නෞකාවක ගැටී එක අනතුරක් ඊයේ රාත්‍රියේ සිදුව තිබුණා.
අනතුර සිදුවන අවස්ථාවේ එහි ධීවර කාර්මිකයින් 05 දෙනෙකු සිට ඇති අතර, ඉන් සිව්දෙනෙක් මේ වනවිට අතුරුදන්ව ඇති බවයි වාර්තා වුණේ.
එක් ධීවරයෙක් වෙනත් ධීවර යාත්‍රාවක් විසින් මුදාගෙන තිබෙනවා.
මේ අතර මොරගල්ල ප්‍රදේශයේ දී ධීවර කටයුතු සදහා මුහුදු ගිය ධීවර බෝට්ටුවක් පෙරළී එහි ගමන්ගත් ධීවරයින් දෙදෙනෙකු අතුරුදන්ව තිබෙනවා.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ ධනුෂා මැරීන් නැමැති ධීවර බෝට්ටුවේ ගමන් කළ අලුත්ගම ප්‍රදේශයේ පදිංචිව සිටි එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙක් බවයි වාර්තා වුණේ.





