Update – අනතුරට පත් ධීවර යාත්‍රා දෙකේ සිටින ධීවරයින් බේරාගන්න ගුවන් හමුදාවෙන් යානා දෙකක්

දෙවුන්දර ධීවර වරායෙන් සහ මොරගල්ල ප්‍රදේශයෙන් මුහුදු ගොස් අනතුරට ලක් වූ ධීවර යාත්‍රා දෙකේ සිටින ධීවරයින් මුදාගැනීම සඳහා බෙල් 412 හෙළිකොප්ටර් යානක් සහ වයි 12 ගුවන් යානාවක් යෙදවීමට ගුවන් හමුදාවට ආරක්ෂක ලේකම්වරයා විසින් උපදෙස් ලබාදී තිබෙනවා.

දෙවුන්දර ධීවර වරායෙන් ඊයේ (27) සවස ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය ධීවර යාත්‍රාවක වාණිජ නෞකාවක ගැටී එක අනතුරක් ඊයේ රාත්‍රියේ සිදුව තිබුණා.

අනතුර සිදුවන අවස්ථාවේ එහි ධීවර කාර්මිකයින් 05 දෙනෙකු සිට ඇති අතර, ඉන් සිව්දෙනෙක් මේ වනවිට අතුරුදන්ව ඇති බවයි වාර්තා වුණේ.

එක් ධීවරයෙක් වෙනත් ධීවර යාත්‍රාවක් විසින් මුදාගෙන තිබෙනවා.

මේ අතර මොරගල්ල ප්‍රදේශයේ දී ධීවර කටයුතු සදහා මුහුදු ගිය ධීවර බෝට්ටුවක් පෙරළී එහි ගමන්ගත් ධීවරයින් දෙදෙනෙකු අතුරුදන්ව තිබෙනවා.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ ධනුෂා මැරීන් නැමැති ධීවර බෝට්ටුවේ ගමන් කළ අලුත්ගම ප්‍රදේශයේ පදිංචිව සිටි එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙක් බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
00:00
Video thumbnail
ප්‍රසන්න රණතුංගට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවතට - ගැම්මට හිනාවෙලා යන හැටි
01:23
Video thumbnail
පොඩි පොඩි අඩුපාඩුකම් තිබ්බත් අපේ පාර්ලිමේන්තුව ගොඩාක් හොඳයි
03:46
Video thumbnail
කුපිත වුණ රාජාංගනයේ ගොවියන් මහ පාරට බහියි - මේ බාල පොහොර තනිකරම ජරා ගොඩක්
04:52
Video thumbnail
මේ ආණ්ඩුව තියෙන්නේ බම්බු ගහන්න ද.. අනුරගේ කතාවෙන්ම අනුරට දෙයි
09:11
Video thumbnail
මාළු ටැංකියට ගල් එකතු කරන්න ගිහින් ගි#ණු සිසුවාගේ සිරුර සොයාගයි - මිනිස්සු හඬා වැටෙයි
01:51
Video thumbnail
ගොවියෝ දැන් සතුටින් ඉන්නවා මල්ලි - අපි උපරිම පහසුකම් දෙනවා
05:58
Video thumbnail
රාජපක්ෂලා තව ටික කාලයක් පාලනයේ හිටියා නම් මුළු රටම අපරාධකරුවෝ වෙනවා
11:44
Video thumbnail
රෙද්ද පල්ලේන් ආණ්ඩුවේ නිරුවත පේනවා - මේකේ ඉන්නේ ඩෝබිලා විතරක් නෙමෙයි
05:18
Video thumbnail
ශ්‍රී ලංකාවට එන සංචාරකයින් ඩොලර් 148ක් වියදම් කරන්නේ - මේක වැඩි කරගත යුතුයි
02:51